Chapter 6

694 89 7
                                    

'උබ කොහෙද ඉන්නේ'

'මම ඇතුලේ උබ වරෙන්'

හරියටම එකොලහ වෙද්දි කානායන් ක්ලබ් එකේ පාර්කින් එකෙන් බයික් එක දාපු මම තෙයාශ්ට මැසෙජ් එකක් දාද්දි ඌත් ඒ පිටටම මට රිප්ලයි එකක් එව්වා.

ෆෝන් එක සාක්කුවට දා ගත්ත මං අයිඩි එක පෙන්නලා ක්ලබ් එක ඇතුලට ආවේ හතරවටේටම ඇස් යවන ගමන්.

පාට පාට නියෝන් එලි අස්සේ කන පැලෙන්න ඇහෙන ඩීජේ එකට ගෑනු පිරිමි භේදයක් නැතුව හැමෝම නටද්දි තවත් සමහරු බාර් කවුන්ටර් එක උඩට වෙලා වෙනම ලෝකෙකට ගියා.

බාහිර ලෝකේ මොනවා වෙනවද කියලා දන්නේ නැති මේ මිනිස්සූ එයාලගෙම ලෝකවල තනි වෙද්දි මේ අතරින් පතර තව දේවල් ගොඩක් සිද්ද උනා.

"ටර්කිලා එකක්"

බාර් කවුන්ටර් එක ලගට ගිය මං එතන වැඩ කරන වේටර් බෝයි කෙනෙක්ට කියද්දි කොල්ලා මං දිහා බලලා හිනාවක් දුන්නා.

"සර් මෙහෙට අලුත් වගේ"

"ම්ම්ම් කොහෙද හොයා ගත්තේ"

මට ග්ලාස් එක දෙන ගමන් කොල්ලා අහද්දි මම ඌ දිහා බලලා හිනා උනා.

"නෑ මට සාමාන්‍යයෙන් හොද මතකයක් තියෙනවා"

"ම්ම්ම් මට එහෙනම් රූම් නම්බර් ටූ සීරෝ ෆිෆ්ටි එයිට් වලට යන විදිහ කියන්න පුළුවන් ද"

ටර්කිලා එකෙන් උගුරක් බොන ගමන් මං කොල්ලගෙන් ඇස් ගන්නේ නැතුව අහද්දි කොල්ලා එකපාරටම මං දිහා බැලුවා.

"හරි සර්"

මං දිහා බලපු කොල්ලා ඌත් එක්ක හිටපු අනිත් වේටර් බෝයිගේ කනට කරලා මොනාහරි කියද්දි ඒ වේටර් බොයි අර කොල්ලට ඔලුව වනලා මං ලගට ආවා.

"මාත් එක්ක එන්න සර්"

මම හිතන්නේ වැඩේ හරි.අද මෙතන මහාපරිමානේ මත්කුඩු වගේම හොරබඩු හුවමාරුවක් ලෑස්ති කරලා තියෙනවා.

මගේ ඔත්තුකාරයට අනුව මම බාර් එකේ කොල්ලට කිව්ව රූම් නම්බර් එක තමා ඒකට ජොයින් වෙන්න ඕනේ කරන පාස්වර්ඩ් එක.

අපේ මිශන් එකට ප්‍රාදාන අඩිතාලමක් අද මේ වැඩෙන් වැටෙද්දි මම ඈතින් කෙල්ලො ගොඩක් වට කරන් ඩාන්ස් කරන ගමන් උන්න තෙයාශ්ට සිග්නල් එකක් දීලා අර වේටර් කොල්ලා පස්සෙන් ආවා.

Forgive Me ✔️Where stories live. Discover now