37

816 178 115
                                    

පසුදා උදෑසන

ජන්ග්කුක් උදෑසන අවදි වෙද්දි එයාගෙ ගතට කියාගන්න බැරි සැහැල්ලුවක් සනීපයක් දැනෙමින් තිබුනා. එයාට මතක ඊයෙ රාත්‍රියේ එයා එයාගෙ ඇල්ෆා ගාවින් ඇලවී තුරුලු වුනා කියලා විතරයි. ඇල්ෆා?

අන්න එතකොට තමයි ජන්ග්කුක් ක්ෂණිකයෙන් අනෙක් පස හැරුනෙ. ඒත් ටේහ්‍යුන් යහනෙ හිටියෙ නෑ. ජන්ග්කුක් ඒකෙන් කලබල නොවුනා කිව්වොත් බොරු. වෙන්න බැරි දෙයක් වුනත් එයා මොහොතකට හිතුවේ ටේහ්‍යුන් ආයෙත් එයාවත් දමා මාළිගයට ගිහින්ද කියලා.

කලබලෙන් ඇඳෙන් බැස්ස ජන්ග්කුක් ඉක්මනින් කුටියෙන් පිට වුනේ ටේහ්‍යුන්ව හොයාගෙන.

තානායමෙන් එළියට එද්දිම එයාට ඇහුනා අවන්හල දෙසින් කෑකෝගැසීම්. ඉතින් එයා ඉක්මනින් පිවිසුනේ අවන්හලට.

"අයියෝ~ ඔහොම නෙමෙයි ඕක කරන්නෙ. කෝ දෙන්න මං ඕක පිසින්නම්."

"බෑ! මට ඕනෙ අද ආහාර පිසින්න. මගෙ ඔමේගා ආස දේවල් දන්නෙ මමනෙ."

අවන්හලට ඇතුළු වෙනකොටම එයාට ඒ වගේ හඬවල් ඇහෙද්දි ජන්ග්කුක් පුදුමයෙන් දෑස් විශාල කරගත්තා. එයාගෙ ඇල්ෆාගෙ හඬ ඇතුළු අනෙක් හඬවල් ඇහුනෙ අවන්හලේ මුළුතැන්ගෙය දෙසින්. එයා හිමින් හිමින් එක් අතකින් කුසත් වාරු කරගෙන ඒ දිහාවට ඇදුනේ කලින් කලබලෙන් කල චලනයන් ගැන පසුතැවෙමින්.

"ඉතින් ඒ ආහාර මම පිසින්නම්කෝ~"

"අනේ මේ ඇල්ෆා හරිම කඩවසම්නේ."

"එයා හරිම හුරතල්~"

"ආආ!! ඔයා මගෙ මුළුතැන්ගෙට ගිනි තියන්නද හදන්නෙ?!"

"එහෙම නෑ මම-"

"ටේහ්‍යුන්ගි? මොකද මේ?"

එයාගෙ ඔමේගාගෙ කටහඬ පිටුපසින් ඇහෙද්දි කෙල්ලො වටකරගෙන කෑම පිසිමින් හිටපු ටේහ්‍යුන් පිටුපස හැරී බැලුවම දැක්කා එයා දිහා පුදුමයෙන් බලන් ඉන්න ජන්ග්කුක්ව. ටේහ්‍යුන්ගේ මූනෙ ලොකු හිනාවක් ඇඳුනා.

"ඔහ් ඔයා ඇහැරුනද? ඔයාට ඔහොම හිටගෙන ඉන්න හොඳද ආ?"

කිව්ව ටේහ්‍යුන් හැරුනේ එයා දිහා කෙළ හලමින් බලන් ඉන්න ඔමේගා කෙල්ලො දිහාවට.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now