8 කොටස

136 20 2
                                    

"බබා..බබා..කෝ නැගිටින්න... ඉස්කෝලෙ යන්නැද්ද ළමයෝ.. කෝ ඉතින්.."

ඔන්න අදත් මගෙ රැහැයි ටොපා උදේ පාන්දර මායම් වෙන්න පටන් අරන්.. ඇත්තමයි වෙන එකෙක් වගේනම් මේ වෙද්දි උගෙ බොටුව ගළවලා මං..

'මං නැගිටලා ඉන්නෙ අයියෝ...'

"නැගිටලානම් ඉන්නෙ ගිහින් වොශ් දාගන්න..මේ අම්මා උදේම නැගිටල තේ දෙකත් කාමරේට ගෙනත් දුන්නා ලෑස්ති වෙලා පහළට එන්න කියලා..කෝ ගිහින් මූණ හෝදගෙන එන්න..."

මෙච්චර වෙලා කෑ ගහපු එයා මගෙ ළඟට ඇවිත් කම්මුලට හාද්දක් තියලා මාව නැගිට්ටවලා බාතෲම් එකට යැව්වා..විනාඩි පහළවකට විතර පස්සෙ මං කාමරේට එද්දි එයා ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනවා.. මං එනවා දැකපු එයා මාත් එක්ක හිනාවෙලා තේ එක අරන් මගෙ අතට දුන්නා.. තේ එක ගත්තු මං තේ බොන ගමන්ම ලෑස්ති වුනා.. ලෑස්ති වෙලා එයාගෙ කම්මුලට හාදුවක් තියලා පහළට ආවා.. පහළට ඇවිත් කෑම කාලා එහෙම අපි දෙන්නා ඉස්කෝලෙට ආවෙ එයාගෙ බයික් එකේ.. ඉස්කෝලෙට ගියත් සතුටක් නෑ.. මොකද මේ එයාලා ඉස්කෝලෙ එන අන්තිම සතිය.. ඊට පස්සෙ මට ඉස්කෝලෙ එන්න හිතෙන එකකුත් නෑ.. මේ දවස්වලත් ඉස්කෝලෙ උගන්නනවා අඩුයි නිවාඩු දෙන්න ළඟ නිසා.. රැස්වීම් ඉවර වුන ගමන් මං පන්තියට ගියෙ සුනෙත්ට මීඩියා යුනිට් එකේ වැඩක් තියෙනවා කියලා එතෙන්ට ගියපු නිසා.. ටික වෙලාවක් පන්තියට වෙලා ඉද්දි කම්මැලි හිතුන නිසා මං දෙව්නිත් අයියව හොයාගෙන ලයිබ්‍රියට ගියා.. ගිහින් එයා ළඟින් ඉඳගෙන ඩෙස්ක් එකට ඔලුව තියාගෙන එයාගෙ මූණ දිහා බලන් හිටියා...

 ගිහින් එයා ළඟින් ඉඳගෙන ඩෙස්ක් එකට ඔලුව තියාගෙන එයාගෙ මූණ දිහා බලන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මොකද ඔහොම බලන් ඉන්නෙ.. මං ලස්සනයිද ම්ම්...?"

'ලස්සනයි තමයි අනෙ.. මෙච්චර මේ ඉස්කෝලෙම කෙල්ලො පිස්සු වැටිලා ඉන්න කොල්ලා.. දැන් ඉතින් මගෙනෙ..'

නුඹේ සිනා ළඟ❤💫 (Yizhan💚❤️‍)completedWhere stories live. Discover now