06.කොටස

166 24 7
                                    

' තේව් අයියේ මං ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න ද ??'

'ඕ.... අහන්න ධාරන මං අහන් ඉන්නෙ.'

'මේ.... හැබැයි බොරු කියන්න බෑ හරී....'

' හ්ම්.....'

' මේ අර ඔයා- නෑ එක්කො ඕනෙ නෑ.....'

' මොකක්ද ධාරන ඕන නැත්තෙ ??....'

'නෑ නෑ මුකුත් නෑ....'

ඒ වෙලාවෙම වගේ තේව් අයියා parking එකේ car එක Park කරල මාවත් ඇදගෙන burger king එකට ගියා....ඔන්න ඉතින් අපි දෙන්න මොනවද ගන්නෙ කියල හිතන ගමන් හිටියෙ.....

'ධාරන ඔයාට මොනවද ඕනෙ....'

' අනේ මන්ද.... ඔයා බලල ඕඩර් කරන්න අනෙ....'

' එහෙම බෑනෙ ධාරන '

ඇයි යකෝ එහෙම බැරි... හරියට මූ මං කියන දේම කරන එකා වගේ🙄....

' ඔයාට crispy chicken burger එකක් අරන් දෙන්න ද??'

' හා හා '

අපි මට crispy chicken burger එකයි එයාට cheese burger එකයි අරගෙන ආවා... මම Pepsi එකක් ගත්තා... ඒක එන ගමන් බිබී ආවා... මම ඇත්තටම ඒක ගෙදර ඇවිල්ල බොන්න තියා ගත්තෙ ඒත් මම කියවනවා වැඩී කියල තේව්කාරයා ඒක මගෙ කටේ ගැහුව....

' ඉතින් මේ මං ඔයාට තව කතාව- කැහ් කැහ් '

' කට පියාගෙන ඕක බීපන් පුදුම කියවිල්ලක් නෙ මේක නිකන් රේඩියෝ එකක් දාල වගේ...'

' මොකක්ද හලෝ තවුසෙට වෙලා තියෙන්නේ තව පොඩ්ඩෙන් නහයෙන් එනවා මේ මගුල බොන්න ගිහිල්ල මරන්න ද ඕනෙ ආ....'

'..................'

මම ඉතින් පොඩ්ඩක් මනුස්සකමට කතා කරන්න ගියෙ 😒 කොහෙද ඉතින් මූට හොදයි මනුස්සකම පෙන්නන්න.....ආ.... මට කියන්න අමතක උනා නෙ අනේ අපි මේ යන්නෙ තේව්කාරයාගෙ ගෙදර..... මම හිටියේ අපේ ඉස්කෝලෙ ඉදන් ටිකක් දුර යනකොට තියෙන Beach එකේ. ඒකට මම
ගොඩක් වෙලාවට යනවා...

අද අපේ තාත්තටයි නිර්මල අංකල්ටයි meetings වගයක් තියෙනව කියල එන්න රෑ වෙනවා කිව්වා...ඉතිම් ඒ නිසා මාව තේව් අයියට එයාලගෙ ගෙදර එක්කං යන්න කියල තාත්තා කියල.... අපේ තාත්තටත් ඉන්නව නෙ දැන් මහ ලොකු පුතෙක්..... එයාට දැන් එයාගෙ සුදු පුතාව මතක නෑ😭..... අහෝ දෙවියනී....මා කල වරද කුමක්ද????

The Blue Sky 💙 (Ongoing)Where stories live. Discover now