Chapter 22

199 40 57
                                    

" සේම් හයියෙන් අල්ලගන්න.. හරිද නිදාගන්නෑ...!! "

තමන්ගේ බද වටේ තිබුන සේමිගේ අත් අල්ලලා හිර කරගන්න ගමන් ටේහ්‍යුන් ආයමත් පාරක් කිව්වා. ගත වුන පැය ඇතුළත කීපාරක් එයා ඕක කිව්වද කියලා එයාටම මතක නැහැ. මොකද තනියම බුසාන් යන්න හිටපු ගමන අන්තිමට ටේහ්‍යුන්ට සේමි එක්කම එන්න සිද්ධ උනා. බෙඩ් එක උඩ ඉදපු සේම් අමුතු පාටට ඇස් දෙකත් හදාගෙන එයා දිහා බලන් ' මාව දාලා යනවද...? ' කියලා අහද්දි ටේහ්‍යුන්ට ඕන උනේ ඔව් කියලා කියන්න උනත්.. ටේහ්‍යුන්ගේ හිතට ඒ අකුරැ දෙකේ වචනේ එයාගේ තොල්වලින් පිට කරන්න බැරි උනා.

ඒ නිසා අන්තිමට සේම්වත් ලෑස්ති කරගෙන හදිස්සියේම ටේහ්‍යුන් රෙසිඩන්ට් එකෙන් පිටඋනා. වාහනේ යන එක ලේසි උනත්... ඉක්මන් පහසුව නිසා ටේහ්‍යුන් මුල ඉදන්ම හිතන් හිටියේ තමන්ගේ ඩුකාටියේ පිටත්වෙන්න. සේමිත් එක්ක එකේ යනවද කියන එක හිතන්න ඕන උනත් තමන් දැනටමත් පරක්කු වෙලා තියන නිසා ටේහ්‍යුන් එයාගේ ඩුකාටියේම සේමි එකක් ආවා. සෝල් වලින් පිටවෙන්න වෙන්න සාමාන්‍ය ට්‍රැෆික් ජෑම් එක අඩුඋන නිසා ටේහ්‍යුන් එයාගේ වේගේ ටික ටික වැඩි කලා.






" ටේ... "

" වේ...? ( ඇයි ) "

පැයකුත් විනාඩි කිහිපයක කිලෝමීටර් ගානක් ගියාට පස්සේ මෙච්චර වෙලා ටේහ්‍යුන්ගේ පිටට ඔලුව හිරකරගෙන ඇස් දෙකත් වහගෙන හිටපු සේමි ටේහ්‍යුන්ට කතා ක⁣ලේ එයාගේ ජැකට් එකෙන් අදින ගමන්මයි. සේමිව හරියට අහන්න ඕන නිසාම ටේහ්‍යුන් එයාගේ වේගය බාල කලා.

" මට.. රිදෙනවා වගේ නේ... බඩත් රිදෙනවා.. පස්සත්..."


" ආාාාශි...බල්..! මම කිව්වා නේ.. බයික් එකේ ඔයාට යන්න අමාරැයි කියලා.. මුල ඉදන්ම ඇහුවේ නෑනේ.. වදකාරි...!! "





තරවටු හඬකින් ටේහ්‍යුන් කිව්වේ හුස්මක් පහත දාන ගමන්. සේමිට මේක අමාරැ වෙයි කියලා ටේහ්‍යුන් මුල ඉදන්ම දැනගෙන හිටියේ. පැය තුනකට ආසන්න ගමනක්... බයික් එකෙන්.. ඒක සේමිට අවුලක් නොදෙන්න තිබ්බා ඊයේ රෑ එයාලා පැය ගානක් මේක්අවුට් එකක් නොකලා නම්. රෙසිඩන්ට් එකෙන් එළියට එන්න කලින් චොක්ලට් මිල්ක්ශේක් එකක් එක්ක සේමිට පේන්කිලස් දුන්නත් එයාගේ සිරැරට අපහසු ඇති. ඒක ඕනම කෙනෙක්ට සාමාන්‍ය දෙයක් නේ.

BLACK PANTHER || KTH || ONGOINGWhere stories live. Discover now