18 කොටස

52 8 1
                                    

මේඝනා මේඝනා මේඝනා මේකනම් විකාරයක්...එපා වෙනවා එක කරදරයක් මදිවට තවත් කරදර...එහෙන් සනූ කෝල් ආන්ස්වර් කරන්නෑ..මැසේජ් එකක් නෑ...මේ ඔක්කොම හිත හිත ඉදලා..හෙට කිසිම වැඩක් නැති හින්දා ඉක්මනට ගිහිම් සනූ ගැන බලලා එන්න කියල හිතන් කාර් එකේ key එකත් අරගත්ත මන් ලිෆ්ට් එකේ යන්නැතුව පඩිපෙල බැහැගෙන පහලට ගියේ සනූ ඇයි මන් ගැන හොයන්නැත්තෙ.... ඇයි එයා මට මෙහෙම කරන්නේ කියල දහසක් දේවල් හිත හිත...

කොහොමින් කොහොම හරි කාර් එකට නැගගත්ත මන් high speed එකේ ගෙවල් පැත්තට ආවේ ඉක්මනට යාගන්න පුළුවන් උනොත් මහ රෑට ඉමානි නැන්දලගෙ ගෙවල් දිහා යනවට වඩා හවස් වෙලා යාගන්න පුළුවන් උනොත් හොද නිසා...

යන ගමන් කඩයක් ගාව නතර කරලා white chocolate ගත්තේ සනූ කන්න ආසම චොකලට් ඒවා නිසා...ඒ එක්කම චූටි නන්ගිටත්  පොඩි පොඩි දේවල් ටිකක් අරගත්ත මන් ඉක්මනට ගෙදර පැත්තට කාර් එක ඉක්මනට හැරෙව්වෙ සනූව බලාගන්න ආසාව වැඩි නිසා...කාර් එක ගෙදරට දාපු ගමන් ගේට් එකත් වහලා ගේ ඇතුලටවත් නොයා ඒ ගමන්ම සනූලයි ගෙවල් දිහාවට ආවා...මන් යනකොටත් ඉමානි නැන්දා අපේ ගෙවල් පැත්තට එනවා...මාත් එක්ක කටපුරාහිනා උන නැන්දාව මට මතක් කරේ සනූව..සනූගෙ හිනාවත් නැන්දගේ හිනාව වගේමයි...

ඉක්මනට ඉක්මනට අඩිය තියලා අඩි දෙකට තුනට නැන්දා ලගට ආව මන් නැන්දට වැන්දේ කාලෙකට පස්සෙ නැන්දව දකින නිසා...
දෝතින්ම මගේ ඔලුව අතගාලා මගෙ උරහිසෙන් අල්ලලා නැගිට්ටෙව්ව නැන්දා...

"මගේ කෙල්ල...දවස් ගානකට පස්සෙ මයෙ අම්මගේ මූණ බලන්න පුළුවන් උනෙ..."

අනේ නැන්දෙ ඔන්න ඕකනෙ බැරි ඔහොම කතා කරාම මට දුක හිතෙනව...

ඉමානි නැන්දගේ එක ආදරණීය වචනයකට මාව කදුලුවලින් නාවන්න පුලුවන්..ඉදලා හිටලා උනත් ඉමානි නැන්දව හම්බෙන්න වෙන්නෙ ඒ හම්බෙන හැම දවසකම ඒ ඇස් වලින් මන් වෙනුවෙන් තියෙන ආදරය හොයා බැලීමට මන් පුදුම විදියට ලෝභ උනා...

මගේ අතින් අල්ලන් ගේ ඇතුළට මාව එක්ක ගිය ඉමානි නැන්දා මට පුටු සෙටියෙන් වාඩිවෙන්න කියල...චූටිට අඩගැහුවේ මන් ආව බව කියන්න...ඒ ඇසිල්ලෙන් කාමරේ ඉදන් දුවන් ආව චූටි ආ සුදු අක්කේ කියලා මගේ කරේ එල්ලුනා...

𝗙𝗢𝗥𝗘𝗩𝗘𝗥  𝗹𝗼𝘃𝗲 𝗬𝗢𝗨 🙊❤️ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿] (G×G)Where stories live. Discover now