ජින්යොන් සිටි නිවසින් නික්මී ජන්ග්කුක් අගනුවරේ ප්‍රධාන මාර්ගයේ ඔහේ ඉදිරියට ඇදෙමින් හිටියා. වටපිටාව ගැනවත් එයා යන්නෙ කොහෙද කියලවත් අවබෝධයක් එයාට තිබුනෙ නෑ. කලින් ජින්යොන්ගේ වදන් දිගින් දිගටම එයාගෙ මනසෙ දෝංකාර දෙමින් තිබුනා. එයා ගමන් කලේ ගොඩක් හිමින්, දෑස් අරමුණකින් තොරව ඔහේ ඉදිරිය බලා හිඳියා.
මේ අතරේ අගනුවර තුළ කුමක් හෝ කලබලයක් සිදුවෙනවා නේද කියන අවධානයවත් එයාට තිබුනෙ නෑ. පෙනෙන විදිහට මාළිගයේ සෙබළ පිරිසක් නැති වූ කෙනෙක්ව හොයනවා වගේ. ඒ වෙන කවුරුත් නෙමෙයි, අධිරජුගෙ මේට්. දහවල් යාමයේ ඉඳන් අතුරුදහන් වී ඇති එයාගෙ ඔමේගා හොයන්න අධිරජු අණ කර තිබුනා.
ජන්ග්කුක් තව ටික දුරක් අවසිහියෙන් වගේ ඇවිද ගියත් ක්ෂණිකයෙන් කෙනෙක් එයාව ඇදලා අරන් උරිස් දෙකෙන් අල්ලගත්තම ජන්ග්කුක්ගේ මළානික දෑස් ඒ දෑස් එක්ක මුනගැහුනා. ඒ එයාගෙ ඇල්ෆාගේ කෝපයට පත් දෑස් කියලා ජන්ග්කුක් දැක්කත් එයාට ඒ ගැන වගක් නෑ.
"කොහෙද ගියෙ ආ?! ඇයි මට නොකියා ගියේ?!" ටේහ්‍යුන් කේන්තියෙන් ඇහුවා. බැරිම තැන එයත් වෙස්වළාගෙන අගනුවරට පිවිස එයාගෙ ඔමේගාව හොයමින් හිටියා.
ඒත් එයා කේන්තියෙන් අහපු දේටවත් ප්‍රතිචාරයක් දක්වන මට්ටමක එයාගෙ ඔමේගා නෑ කියලා ටේහ්‍යුන් දැක්කා.
තමන්ගෙ ඇල්ෆාව දකිද්දි මෙතරම් වෙලා හිතේ හිරකරගෙන සිටි වේදනාවන් ඔමේගාගෙන් හිමින් පිටවුනා. එයාගෙ දෑස් බොඳවී දෑස් වලින් කඳුළු වැටී කම්මුල් දිගේ බේරෙන දිහා ටේහ්‍යුන් පුදුමයෙන් බලන් හිටියා.
එතකොට තමයි එයාට තේරුනේ කුමක් හෝ දෙයක් සිදු වී ඇති බව.
"අපි මාළිගයට යමු පැටියො."
* * * * * * * *
මාළිගයට ආ වෙලේ ඉඳන් යහනෙන් වාඩි වී ජනේලෙන් පිටත බලන් කිසිඳු වදනක් නොපවසා නිසොල්මනේ ඉන්න එයාගෙ ඔමේගා දිහා බලන් ටේහ්‍යුන් දහස් වෙනි වතාවටත් සුසුම් හෙළුවා.
"මොකද උනේ මැණික? මට කියන්නකො."
ඒ අසලින් යහනෙන් වාඩි වී ටේහ්‍යුන් ඇහුවේ බැරිම තැන.
![](https://img.wattpad.com/cover/347815668-288-k431541.jpg)
YOU ARE READING
Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)
Fantasyඅහිංසක ජීවිත දහස් ගනන් බිලි ගනිමින් කාලාන්තරයක් තිස්සේ පැවත එන වෘක වැම්පයර් වෛරයේ අවසානයේ මුදුන්මල්කඩ ඔහුය.. සහකරුවෙකු නොමැතිව දුක්විඳි අධිරාජ්යයයෙකුට තම අසීමිත ප්‍රේමය පුදකරේ ඔහුය.. අධිරාජ්‍යයේ ආදරණීයම මිනිසාගේ ආදරය ලබන්නට තරම් වාසනාවන්ත වූයේ ඔහ...