පළමු කොටස

34 8 3
                                    

අදත් වෙනදා වගේම වහිනවා.මම ඇදෙන් බැහැලා ගියේ කිරි කෝපි එකක් හදාගන්න. පුරුදු විදිහටම තනියම ගෙදර ඉන්න මම හීටර් එක ගහලා පොඩ්ඩක් එළියට ආවේ හැමදාම වගේ හිතේ තියෙන ප්‍රශ්න අමතක කරන්න.

ප්‍රශ්න කියන දේවල් මට ඉස්සර ඉඳලම පුරුදුයි.මගේ නම තිසල් ශාක්‍ය මංසිළු.එයාට අනුව නම් කපටි නරියා. ඔව්. එයා මගේ නීත්‍යානුකූල සැමියා. නැත්තං කාළෙකට කලින් මගේ හොදම සහ එකම යාළුවා.

Flash back

" ඒ තිසල් කොහෙද ඔය ඔයා යන්නේ. ඉන්න මම එනකන්."

"මියුරු"

" මියුරු තමයි. කොහෙද මේ දුවන්නේ මටත් නොකියා. ම්ම්ම් "

" නෑ මියුරු බස් මට බස් එක මිස් වෙයි කියලා"

"ඉතින් මට කිව්වනම් මම බයික එකේ ඔයාව ගිහින් බස්සනවනේ"

"ඔයාට කරදර කරන්න ඕනි නෑනෙ මියුරු මට යන්න පුලුවන්නේ."

"අනේ මේ. කට වහගෙන නගිනවා. කරදර කරන්න ඕනි ඤෑ තමයි. හොදම යාළුවා හැටියට එහෙම උදැව්වක් නොකරොත් වැඩක් තියේද? "

Flash back end

මට අදටත් හිතෙනවා මම කරගත්තේ මෝඩ කමක්ද කියලා. මම කියලා මොනවා කරන්නද දෙයියනේ. මම එයාට ආදරේ කලානේ. සමහර විට ඒක වෙන්න ඇති මේ සේරටම මුල.

මට මෙහෙම හිතෙනවා එක්කම කොල් එකක් ආවා.

"හෙලෝ"

" හෙලෝ මේ කතා කරන්නේ doctor තිසල් බණ්ඩාර වික්‍රමසූරිය ද?"

"ඔව් කව්ද මේ ? "

"Doctor මම අර ඊයේ අරගෙන ආපු සෙත්මි දුවගේ අම්මා "

"ආ හරි හරී කියන්න අම්මා."

"අනේ doctor මේ ළමයා බෙහෙත් බොන්නෙත් නෑ..."

ඔන්න ඔය විදිහට අද දවසේ වෛද්‍ය ප්‍රතිකාර ඕනි කට්ටිය මට කෝල් කරන්න පටන් ගත්තා. මම ආපහු කුස්සියට ගියේ දැන් ආයෙ කෝපි හදන්න වෙලාවක් නැති නිසා හීටර්  එක වහලා හොස්පිටල් එකට යන්න.

මම කාමරේට යනකොට මට ඉබේම බැලුනේ දෙන්නෙක්ට නිදාගන්න පුළුවන් එයාගේ අම්මා තාත්තා අපේ වෙඩින් එකට අරන් දීපු ඇද දිහා. හැමදාම මම ඉන්න පැත්ත විතරක් රස්නෙට තියෙනකොට එයා හැමදාම මාව මාගැරියා.

එතකොටම ගේ ඉස්සරහින් හොන් සද්දයක් ඇහුනා.. මම ඉක්මනට පහළට ගියේ දොර අරින්න. එතන එයා හිටියා ඒත්......

😁😁😁❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😁😁😁😁😁

ඔන්න ළමයි මේක මගේ 3 වැනි කතාව පළවෙනි එක අන්පබ්ලිෂ් කළා ඔයාලගේ ප්‍රතිචාරයක් නෑති නිසා. ආයෙ එන්නම් හොඳේ.......

You've reached the end of published parts.

⏰ Last updated: Jan 28 ⏰

Add this story to your Library to get notified about new parts!

SPIDER LILI Where stories live. Discover now