EP.16

21 5 2
                                    

යුන්ගි එහෙම කියලා රෙද්ද පොරවන් ඇස් වහගත්තා

යුන්ගි දිහා අමුතු සතෙක් දිහා බලනවා වගේ බලන් ඉදපු ජන්ග්කුක් ඇදට වැටිලා යූ ටියුබ් එකේ ශෝට්ස් බලන්න ගත්තේ හෙන සද්දෙට. යුන්ගි ඉදලා ඉදලා බැරිම තැන යුන්ගි නැගිටලා ජන්ග්කුක් දිහා බැලුවත් ජන්ග්කුක් ෆෝන් එකේ ගිලිලා ඉදපු හින්දා යුන්ගිව දැක්කේ නැ

Y: අනේ මේ ජන්ග්කුක්! ඕකෙ සද්දේ අඩු කරගනින්කො මගුල😒

JK: අනේ හ්‍යුං

Y: ඕක මට කියලා මේ ජනේලෙන් එලොයට පියාසර කරවන තැනට පත් නොකට සද්දෙ අඩු කරපාන්😒

JK: අපෝ හරි හරි කරන්නම්😒

ජන්ග්කුක් හිමිච්චා වගේ එහෙමම ෆෝන් එකේ සද්දෙත් අඩු කරලා ආයි ෆෝන් එක බලන්න ගත්තා

යුන්ගි එහෙමම ආයි සැනසීමෙන් ඔලුව තියාගෙන ඇස් පියාගත්තා විතරයි නම්ජුන් ඇවිල්ලා ලයිට් එක දැම්මා

N: උබලා දෙන්නා ලයිටුත් ඕෆ් කරගෙන මොන ලබ්බක්ද කරන්නේ

JK: අපි මේ ලයිට් ඕෆ් කරන් දාං අදිනදා- අනේ මේ ඇදුමක් දාන් නිදාගන්ඩ හ්‍යුං😒

N: මොන මගුලක්ද උබලා දෙන්නට වෙලා තියෙන්නේ! මොනා වත් අහන්ඩ නෑ රවනවයි පුප්පනවයි😒

Y: අයියෝ නම්ජුන් ඇවිල්ලා නිදාගනින්කො බං

N: ඉදපන් එන්නම් එන්නම්!

නම්ජුන් බාත් රූම් එකේදිම ඇදුම් මාරු කරගෙන ආව නිසා ඉක්මනට කොන්ඩෙ පිහිදගෙන ටවල් එක පුටුව උඩට දාලා ලයිට් ඕෆ් කරලා නිදාගන්න ආවා

N: යුන්ගි

Y: හ්ම්ම්

N: උබ ඔම්මට නිකමට හරි කෝල් එකක් දීලා බැලුවොත් හොද නැද්ද? ඒ මිනිස්සු බය වෙලා ඇති බං-

Y: කොහොමද බං? මං ඔම්මට කෝල් කරොත් නම්බරේ ට්‍රැක් කරලා ලොකේශන් හොයාගනීනේ

N: හ්ම්ම්- මම නම් කියන්නේ...උබ දැන්වත් ගෙදර ගියොත් හොදයි බං

Y: මට බැ නම්ජුන්....මට ඒ විදිහට හිර වෙලා ඉන්න බැ-

N: උබ හරි මුරන්ඩුයි යුන්ගියා...ඉස්සර වගේම

Y: ඒ දේවල් මතක් කරාට මොනවත් ලැබෙන්නේ නෑනේ~ නිදාගන්න...

I NEED U 【yoonkook】Where stories live. Discover now