40

850 185 227
                                    

ජන්ග්කුක් කල්පනා ලොවක ගිලී හිටියා.

මින්ජිගෙන් ලැබුනු ලිපියෙ සඳහන්ව තිබූ වැදගත්ම දේ එයාගෙ මනසෙ නැවත නැවත දෝංකාර දුන්නා.

"තාම උතුමාණන්ට අගබිසව කරපු දේ කිව්වෙ නැද්ද ගුකී? තව මොකක් හරි සිද්ද වෙන්න කලින් ඒක කරන්න. මං ඇවිත් සාක්ෂි දෙන්නම්."

ජන්ග්කුක් එයාගෙ කුස පිරිමදිමින් කල්පනා කලා. එයාට බෑ දැන් අධිරජුට ඒක කියන්න. පැටව් දෙන්නා හෙට අනිද්දාට බිහි වෙන බව ජන්ග්කුක්ට විශ්වාසයි. එයාට ඕන වුනේ නෑ ඒ අතරේ කිසිඳු කලබලයක් සිදු වෙනවට.

කිව්වත් අධිරජු කුමක් කරන්නද? ඔප්පු කරන්න සාක්ෂිවත් නොමැතිව හෙළි කර අධිරජුගෙ හිත රිදෙන එක විතරයි ඒකෙන් වෙන්නෙ. මින්ජිගෙ සාක්ෂිය එතරම් ප්‍රබල චෝදනාවකට මදි. මේ වතාවෙත් ටේහ්‍යුන්ට ඒ නිසා කිසිත් කරගන්න බෑ කියලා ජන්ග්කුක් දන්නවා, එයාට ඕන වුනේ නෑ ඒ ගැන හිතමින් එයාගෙ ඇල්ෆා පසුතැවෙනවට. දැනුත් අධිරජු එයාට ලබා දෙන වටිනාකම මදියි කියා සිතමින් පසුතැවෙන එක වැඩි කරන්න ජන්ග්කුක්ට ඕන වුන නෑ.

"වැරදි කරපු අයට ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලබා දේවි."

ජන්ග්කුක්ට මේ මොහොතේ වෙන හිතන්න දෙයක් තිබුනෙ නෑ.

* * * * * * * * *

"මං ඔම්මට කිව්වා නේද ඕක අවලංගු කරන්න කියලා ආ? මං ඔය උත්සවේට හෙට එන්නෙ නෑ එච්චරයි."

ටේහ්‍යුන් කිව්වේ තදින් මේසට අතින් ගහමින්. ඒත් එයා ඉදිරියේ හිටපු මව්බිසව නම් එය ගනන්ගත් බවක් පෙනුනෙ නෑ.

"ඔබතුමා එන්නම ඕන, මේක සතියක් ඇතුළත මං සංවිධානය කලේ යුධ ජයග්‍රහණය සැමරීම අනිවාර්යයෙන්ම කල යුතු කරුණක් නිසා. යුද්ධයෙන් පස්සෙ දැන් අධිරාජ්‍ය ස්ථාවර වෙලයි තියෙන්නෙ. මේ මොහොතේ අපි ඒ සතුට සමරන්න ඕන."

"මට නම් කිසිම සතුටක් නෑ." ටේහ්‍යුන් කේන්තියෙන් මුමුණලා බැලුවෙ මව්බිසව දිහා.

"දෙයියන්ගෙ නාමෙන් මට හෙට උත්සවයකට හිර වෙන්න බෑ ඔම්මා! මගෙ ඔමේගා පැටවුන්ව බිහි කරන්න ආසන්නයෙයි ඉන්නෙ. මං ඉන්න ඕන එයා ගාව! ඇයි ඔම්මට මගේ හැඟීම් තේරෙන්නෙ නැත්තෙ හහ්? මං හුඟක් බය වෙලයි ඉන්නෙ!"

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Où les histoires vivent. Découvrez maintenant