"මොකද මෙතන වෙන අය නැත්තෙ "
මන් මේනගෙන් එහෙම ඇහුවේ මෙතන මට අමුත්තක් දැනුන නිසා..ඒ එක්කම මේනා හිනාවෙවි මගෙ දිහා බලාගෙන
"ඇයි බයද" නෝන්ඩියට වගේ මේනා එහෙම අහනකොට මාත් ලාවට හිනාවක් දාලා වාඩිඋනේ එවෙලෙ කියන්න වචනයක් මගේ කටට ආවෙ නැති නිසා....ඒ එක්කම මේනත් මගේ ඉස්සරහින් වාඩි උනේ ඇහිබැම උස්සන් මටත් රවාගෙන...
ටික වෙලාවක් යනකම් අපි අතරෙ තිව්න නිහැඩියාව බින්දේ මේනමයි..
"තුවාල සනීපද ඉතිම්"මේනා එහෙම ඇහුවෙ මගෙන් මාත් කටකොනකින් හිනාවක් දාන් කියපු දේ ඇහුන්නෑ වගේ අහක බලාගත්තෙ ඊටවඩා කියවන්න ගියොත් එදාට වඩා අද දෙයක් වෙයි කියල හිතුන නිසා...
ඒ එක්කම විශූ මගේ පැත්ත හැරිලා "කොහෙද තුවාල උනේ ..." කියල අහපු නිසා මේනගෙ තරහව තවත් වැඩිවෙන්නැති විශූ මගේ මූණෙන් අල්ලලා එයාගෙ පැත්තට හරව ගනිද්දි මන් එයාගෙ අත ගසලා දාලා
"කතා කරන්න ආවෙ ඔය දේවල් නෙවෙයිනෙ මිස් මේඝනා..ඔයා ආවේ විශූ එක්ක කතා කරන්නනෙ..ඒක කරගන්න වෙලා ඉවර උන දේවල් කියවන්නැතිව..හරියටම මේ කතාව ඉවරවෙන්න ඕන විනාඩි විස්සක් ඇතුලත විනාඩි විස්ස ඉවර උන ගමන් මන් විශූව අරන් යනවා ආයම..තමුනුත් කිව්වා වගේම දේවල් කරයි කියල මන් විශ්වාස කරනව"
ඒ එක්කම මන් එතනින් නැගිටලා විශූලා ඉන්න තැනින් ටේබල් තුනක් එහාට වෙන්න තිබ්බ වෙබ ටේබල් එකකට ගිහිම් බලන් හිටියේ විශූ දිහා...විශූ හැමදේම හරි කියන්න වගේ ඔලුව වනලා මේනා දිහාවට හැරුනේ ලොකු කතාවක් කියන්න වගේ...
"මේනා"
"ම්ම්ම්"
"සතුටින් හිටියද ..මාව තනිකරලා ගියාට පස්සෙ "
"සතුට...මගේ අහලකවත් තිව්නේ නෑ විශූ"
"ඇත්තද...එහෙනම් මට සතුටුයි..මොකද ඔයා නිසා මන් වින්ද දුක් ගොඩ හැටියට ඔයා ඔහොමවත් ඉන්න එකට මගේ පොඩිම කැමැත්තක්වත් නෑ"
"ම්ම්..මට වෛර කළාද එච්චරටම"
"වෛර කළා නෙවෙයි...වෛර කරනව තාමත්...මේ දැනුත්.."