28 කොටස

80 9 1
                                    

ඒ එක්කම මාත් විරාට් ඇතුලු මගෙ අනික් බොඩිගාඩ්ස්ලත් තම තමන් ආව වාහන වලින් මගේ කම්පැනියට ආවෙ ලොකු ජයග්‍රහණයක් ලබලා වගේ...ඒ එක්කම ඔෆිස් එකට යනකොට ආකාශ් ඉන්නවා මූණත් රතු කරන්...මාව දැක්ක ගමන් මන් ළගට දුවන් ආව ආකාශ් මාව හයියෙන් බදාගත්තා...

කොච්චර ඉමෝශනල් උනත් මටයි මගේ විහිලුකාරි මනසටයි ඒක පාලනය කරගන්න බැරි උනා ඉතිම් මාව තදින් බදාගෙන ඉන්න ආකාශ්ව තල්ලු කරලා මන් එකපාරටම

"අනේ ආකාශ් අයියේ...ඔයා මේ මොකද කරන්නෙ...මන් කෝමද දෙයියනෙ විශූට මූණ දෙන්නෙ..."
මන් අමුතුවට මූණත් හද හද දාපු ඇක්ට් එකට විරාට් හිනා උනත් ආකාශ් නෙවෙයි හිනා උනෙ..

"අනේ උබ උක්කාපන් සුදු නෝනා"

"අම්මො මෙයාගෙ සැර😂"
මන් එහෙම කිව්වම ආකාශ් මගේ කනෙන් අල්ලන් මගේ කොන්දට පාරක් ගැහුවේ මට එයාව තල්ලු කරන්නවත් ඉඩ නොතියා...

"ආශ් ගොනෙක් උබනම්..රිදෙනව මිනිහෝ..එහ් ඒකනෙවෙයි ආකාශ් මොකක්ද කිව්වෙ විශූට උබ උදේ දිව්වෙ වැඩ තියනව කියල නෙ...විශූ දන්නවද උබ මා එක්ක කියල"

"පිස්සුද ගෑනියේ..එයාට කියන්න උන්නෑ මට😒..උබ මේ මගුලක් කරගත්ත නිසා මන් දුවගෙන ආවේ ඉක්මනට"

"එහෙනම් ඔයා ඉක්මනට යන්න ආකාශ් ..එයා දැනගන්න ඕන නෑ අපි මුල ඉදන්ම දන්න අය කියලා..මේනා ගියාට පස්සෙ මේකිව මන් බලාගන්න ඔයාට බාරකරේ අපි අපිව මීටකලිම් දැනන් උන්නෑ කියන එක පෙන්නගෙනනෙ ..ඔයා විශූට ළන් උනෙ ඇත්තටම ආදරේ නිසා  ..මන් ඔයාට විශූව බාරකරෙත් ඔයාගෙ ඒ ආදරේ දැකලා..ඔයාට ඕසිවල හොදින් ජීවත් වෙන්න තිව්න එක නැති කරේ මම..විශූ දැනගන්න ඕන නෑ මේවා..ඔයා යන්න ඉක්මනට...මාත් යනව මේනව බලන්න.."

"ම්ම්..හරි හරි ඒනම් පරිස්සමෙන් බන්..විරාට් මේකිව බලාගනිම් අහ්.."

"හරි හරි සහෝ.."

"ම්ම්ම්...දැන් යන් ඒනම් අපිත් විරාට් "

ඒ සන්වාදේ ඉවර කරලා හොස්පිටල් එකට ආව මන් දැක්කෙ ඔලුවටත් අත ගහන් පැත්තටකට වෙලා වාඩිවෙලා ඉන්න විශූව ..මන් ඉක්මනට එයා ලගට දුවන් ගියේ තත්ත්වේ කෝමද කියල දැනගන්න...

𝗙𝗢𝗥𝗘𝗩𝗘𝗥  𝗹𝗼𝘃𝗲 𝗬𝗢𝗨 🙊❤️ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿] (G×G)Where stories live. Discover now