Part 3 ❀

192 17 0
                                    

" හරි දැන් උබට බෑමද කියන්නෙ..අඩෝ එකතකොට මොකද කරන්නෙ..නෙහස් මේ teacher ගෙන් අහපන්කෝ dance කරන්න පුලුවන් මොකෙක් හරි එකෙක් කමන් නැද්ද කියලා.."

" මොකෙක් හරි කියන්නෙ උබ මේ නලාවට පෙනේ වනන ශිවන්යාද ගන්න යන්නෙ.."

" උබට ඒ පැහිච්චකන් වැඩක් නෑ නේ..කිව්ව දේ කරපන්කෝ.."

හරිනෙ වැඩේ මහ ලොකුවට battle කරන්න ලෑස්ති උනාට දැන් එකෙක් අඩුව ඉන්නෙ..අපෙ උන් ඔක්කොම සුපිරියටම traditional නැටුවට මේවා පුලුවන් ටික දෙනාටයි..දැන් ඉතින් මොන ලෝකෙන් හරි එකෙක් හොයා ගන්න වෙනවා..නැත්තන් වැඩේ cancel..අයියෝ ඒක වෙන්න දෙන්න බෑ..

" ඔයාලගෙ යාලුවො කව්රුත් නැද්ද hip hop dance කරන්න පුලුවන්.."

"ඒයි හලෝ දේශාන් මේ.."

" කියන්න පවිත්‍ර.."

" විවේන්ට පුලුවන්.."

"හෑ මක්කැයි දොඩන්නෙ ඔහෙයි කුක්කු බෝලෙ..අර විවේනයාට dance කරන්න පුලුවනැයි..."

" ඔව් නෙහස් එයාට hip hop හොදට පුලුවන්..මං ඕන්නම් අහල බලන්නම් එනවද කියලා.."

" අප්පට සිරි යකෝ දේශ්..එක ගහෙන් කුරුල්ලො දෙන්නයි කියන්නෙ මේකට තමා..මෙන්න උබෙ cru_"

" උබ මොකද තවත් මෙතන කරන්නෙ දැන් අහල වරෙන් teacherගෙන් ගිහින් විවේන්ව ගන්න පුලුවන්ද කියලා..ඊට පස්සෙ පවිත්‍ර ඔයා එයාගෙන් ගිහින් අහන්න.."

මූ ගම කන්න කලින් මං මැදින් පැනල ඌව එලෙව්ව..එතකොට දැන් සිරාවටම උට dance කරන්න පුලුවන්ද..බලමුකො බලමුකෝ..

⏳⏳⏳⏳⏳

කල්‍යාණි teacher එහෙම කවුරු හරි ඉන්නවනම් join කර ගන්න පුලුවන් කියලා තිබ්බා අපි දැන් මේ ඉන්නෙ විවේන් එනකන්..

මට තාම හිතා ගන්න බැරි ඇයි මගෙ හිතේ එයා ගැන කැමැත්තක් ඇති උනේ කියලා..මෙච්චර කාලෙකට කිසිම කෙනෙක් ගැන දැනුන් නැති හැගීමක් ඒක..දනුකයා හැදුව group එකේ අපි දැන් msg කරනවා..අහ් ඒක නෙවෙයි නේ හොදම එක මූ මට sorry කිව්ව නේ..ඒකත් in box msg දාලා..එදා අර සීන් එකට තමා sorry කිව්වෙ..ඌ හිතුව තරම් නරක නෑ වගේ..ඇත්තටම මං එයාට කැමතිද..

හදිස්සියේම cadet room එකට එන්න කියලා තිබ්බ නිසා විවේන්ට එන්න උනෙ නෑ දනුකයත් කඩාන බිදගෙන ගියා..අව්ලක් නෑ ඌ හවස එන්නම් කියලා තිබ්බ ඒකත් අපෙ ගෙදර..නෑ නෑ එහෙම මේ වෙන දෙනක් නෙවෙයි වැරදියට හිතන්න එපා..හැමදාම වගේ dance practice කරන්න තිබ්බොත් හැමෝම එකතු වෙන්නෙ අපෙ ගෙදරට තමා ඉතින් අදත් එහෙමයි..college ඉවර වෙලා ගෙවල්වලට ගිහින් හැමෝම ඉතින් වොශ් ඒම දාල අපෙ ගෙදර එනවා..

RED EYES 🐺🔞 ( hyunlix ) ✅Where stories live. Discover now