Chapter 9 🔞

671 107 52
                                    

ඔව් එතුමා තීරණයකට ඇවිත් තිබුනා ... අපි සීමාවල් බිදින්න සූදානම් වෙලා තිබුනා ...

එතුමා මාව එතුමගේ දෑත් මත තිරස් අතට ස්ථානගත කරගනිමින්ම මගේ තොල්වලට නැවතත් බරවෙන ගමන්ම මාවත් අරගෙනම සයනය දෙසට පානැගුවා ...

එතුමා හරි පරිස්සමෙන් මාව සයනය මත දිගා කළේ අපේ හාදුව මදකට නතර කරමින් ...

මං බලාගෙන හිටියා ... මගේ හුස්ම හරිම වේගෙන් ඉහළ පහළ යද්දී ... මගේ නළලේ දාබිදු එක දෙක මතුවෙලා තිබුනා ...

එතුමත් මා  දිහා බලාගෙන හිටියා .... වෙනද තිබුනු සන්සුන් මුහුදු නිල වෙනුවට අද ඒ ඇස් ගින්නක සේයාවකින් කැළඹිලා තිබුනා ...

මොහොතක නිසලතාවයකින් පසු එතුමා ආපහු ක්‍රියාත්මක උනා ...

වහා තමන්ගේ උඩ කබාය වන් ඇදුම ඉවත් කරපු එතුමා ... සැණෙන් ඇදට පිනූයෙ මාව එතුමාගේ දෙපා අතර හිර කරගන්න ගමන් ...

" වෙයි යින්ග් !!! " එතුමා මිමිනුවා ... ඔහුගේ එක අතක් නැවතත් මගේ කම්මුලක් අරක් ගනිද්දී ... අනික් අත නැවතත් මගේ බදට තද උනා ...

එතුමා ආපහු කථා කළා ...

" වෙයි යින්ග් ... පෙර දී මොනදේ උනත් පසුවට මොන දේ උනත් මං හැමදාමත් ඔබට ප්‍රේම කරනවා ... ස්වර්ගයට පවා එය වෙනස් කළ නොහැකි වේවී ... වැටහුනා ද ඔබට " ... ඔහුගේ ඇස් මගේ ඇස් හා බැදී තියෙද්දී ... ඔහුගේ අත මගේ කම්මුල් හරි පරිස්සමෙන් පිරිමැද්දේ ... ඒ දැනෙන සනීපය නිසා ම මාව ඇවිලෙන්න ගනිද්දීයී...

ඉතින් මට තවත් බලා ඉන්න බෑ ... ඉස්සරහට මොන දේවල් උනත් ... අද මට මේ මොහොත නැති කරගත නොහැකි යි ...

ඉතින් මෙතෙක් වෙලා සයනය මත වැතිරිලා තිබුනු මගේ දෑත් එතුමගේ ගෙළ වටා වෙලෙද්දී ... එතුමගේ සවනට ලවන් තබපු මම ...

" මං ඔබේ විතරමයි .... "

කියලා මුමුණද්දී ... එතුමා තිගැස්සුනේ මාවත්  ඒ රිද්මයට  ම ගැස්සෙද්දියී ...

ඉතින් නැවත වරක් ඒ දෙතොල් මගෙ දෙතොල් හා මුසුවෙද්දී ... කලින්ට වඩා අපේ  දෙතොල්වල  රිද්මයන් හරි අපූරුවට ගැළෙපෙද්දී ... මං තව තවත් එතුමව මගේ දෙසට තෙරපගත්තේ ... හීන් කෙදිරීම් මගේ දෙතොල් අගින් මටත් හොරා පැන යද්දීමයි ...

Prince Concubine || wangxian [ Completed ]Where stories live. Discover now