27. මේවාන්

318 56 4
                                    

27. මේවාන්

""""""" අනික තමුසේ කොහොමද මගේ කාමරේටම බය නැතුව මෙහෙම එන්නේ.. ආත්මයක් නැති ජරා මිනිහා..""""""

මන් ඌ ලගට ලන් වෙලා ඇගිල්ලේන් ඇන්නා එලියට පලයන්  කියන විදියට..

"""""""" හරී මේක ගන්නකෝ... මන් වෙනුවෙන් නෙවෙයි තාත්තා නිසා ගන්න.. එයා ආසාවෙන් ඔයාට මේක ගන්න කියලා කිව්වේ..""''"""

මන් ඔරවගෙන බලාගෙන ඉද්දිම මූ මගේ ඇද උඩින්  ෆෝන් එක තියලා ගියා...

"""""""" මොන හෝන්තුවක්ද මන්දා... මට පොඩිකාලේ කරපුවට මන් දෙන්නම්කෝ...'""'"""

එහෙම කියලා බලනකොට අර මිනිහා කෝල් එකත් කට් කරලා..

""""""" දැන් මේ තිරිසනා එක්ක කල් ගෙවපන්කෝ.. මොකක් හරි කරලා මූව එලවා ගන්න ඕනී..""""""

මන් ෆොන් එකත් අතේ තියාගෙන කල්පනා කර කර හිටියේ ඒක ගැන.

-----------------------------------------------------------------------------

සතියක් දෙකක් ගියා, මිනිහගේ හොයා ගන්න කියලා වැරැද්දක් තිබ්බේම නෑ.. බැලුවොත් අපේ අම්මා එක්ක එකතු වෙලා ගෙදර වැඩ කරන එකමයි කරන්නේ. වේලාවක කන පැලෙන්න ගහන්න හිතෙනවා.

''""""" සුදු පුතේ අයියා එක්ක ගිහින් ගෙදරට ගේන්න ඕනී බඩු ටික ගේන්නකෝ..""""""

මන් සාලෙ සෝෆේ එක උඩට වෙලා දිග ඈදීලා ෆෝන් එකත් ඔබ ඔබා ඉන්නකොට අම්මා ඇවිල්ලා අරහෙම කිව්වා.

""""""" අනේ මට බෑ අරූ එක්ක යන්න.. """""

මන් අම්මට එහෙම කියන්න හදනකොටම මහා ලොකු අයියන්ඩි මැද්දට පැන්නා.

""""""" අනේ නෑ නෑ අම්මේ මල්ලීට ඉන්න අරින්න මහන්සිත් ඇතිනේ.. උදේ ඉදන්ම ලෙක්චර්ස් නිසා.. මන් තනියම ගිහින් අරගෙන එන්නම්.."""""

"""""" හම්මෝ හම්මෝ ගොටු පාලගේ පාපොච්චාරණය.. ඌ හිතන් ඇති දැන් ඌ තමයි මෙතන කෙරුමා කියලා.."""""

මට යන්න බෑ කියලා මුලින් හිතුනත් අරූගේ ක්‍රියාකාලාපය නිසා මන් අදහස වෙනස් කර ගත්තා.

"""""" නෑ නෑ.. ඔයා එච්චරටම මහන්සි වෙන්න ඕනී නෑ.. ඔයා එන්න කලින් මේවා කරේ මමනේ, ඒ දවස් වලත් ලෙක්චර්ස් තිබ්බා හොදේ... අන්තිමට තමුසෙගෙන් පිනට කෑවා කියයී..""""""

මේවාන්Where stories live. Discover now