දෙවන දිගහැරුම

164 45 30
                                    

ආහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආහ්...මල්ලි ඔයා...ඔයාගෙ නම කියන්න...

කැරකි කැරකි හිටිය මං ලගට ආපු අනව්ස් කරන අක්කා අහද්දි මං උඩ බිම බැලුවා.මුහුක්..ඕක තමා අවුල..මගෙ නම...කිරිහොදියි බේබිසබනුයි  වගේ...ඒත් මොනා කරන්නද..ඔම්මට අනිවාර්යයෙන් ම මට ජන්කුක් කියලා දාන්න ඕනි උනානි...කොහොමත් මෙහෙදි නම් ඒ නම පාවිච්චි කරෙ නැතිම තරම්..ඒත් ඉතින් ඒක මගෙ උප්පැන්නෙ තිබ්බ නමනේ...ඒකටත් මං ආසයි..සදෙව් කියන නමටත් ආසයි..දෙකටම ආසයි..දෙක එකට තියෙද්දිනෙ අවුල..

"සදෙව් වික්‍රමනායක ....

"අහ්...පොඩ්ඩක් ඉන්න,මැද්දෙන් තව කෑල්ලක් එනවා නේද..කොරියන් උන් එන නිසා කොරියන් නමම කිව්වනම් මරුනෙ මල්ලි

"අනෙ මේ පම්කක් කියවන්න එපා නම්කී...කොරියන් නම එහෙම කියන්නෑ..ඔයා ඔය දුන්න එක කියවලා කටපියන් ඉන්න..ආවා මෙතන මැද්දෙ තියන එක හොයන්න..

කොහොමත් මගෙ නම කියල අවසානෙ එක්කො නමට හිනා උන එකාගෙ දතක් හරි මං ගලවන නිසා අනව්ස් කරන සුදු නම්කිගෙ මූන ඇද කරන්න මට ඕනි උනා...ඇයි යක්කෝ මුන් එකෙක් හරි ආය මගෙ නමට හිනා උනොත් මං එක එකා ගානෙ මරනවා

සදෙව් කියන්නෙ අප්පච්චිගෙ ආදරේ .....ජන්කුක් කියන්නේ ඔම්මගෙ ආදරේ....

හම්ප්.

අටට පටන් ගන්න තිබ්බ උත්සවය පටන් ගත්තේ නමයට වෙද්දි නිල් මානෙල් මල් ටිකක් තියාන සුදු හන්බොක් එකකුත් ඇදන් මොකාද එකා වගෙ මං ඈනුම් ඇර ඇර හිටියා.මේ වෙනකොට ලමයි ඔක්කොම ඔඩිටෝරියම් එකේ හිටියේ.ආරාධිත අමුත්තො විතරයි එන්න හිටියෙ..මං මානෙල් මල් වල පෙත්ත පෙත්ත ගලෝ ගලෝ ඉද්දි මට අන්තිමේදි අහුනා අපේ බෑන්ඩ් එකෙ සද්දේ..

뜻밖의 lovers |taekook Where stories live. Discover now