Part 9 ❀

160 13 4
                                    

" විවේන් මොකද ඔය ඕක නවත්තනවා.."

අපි එලියට එද්දි විවේන් හිටියෙ කව්දො කොල්ලෙක්ට ගහන ගමන්..මං කොච්චර නවත්තන්න කිව්වත් මේකා නෙවෙයි නැවැත්තුවේ

" දේශී අතාරිනවා..මට මූව මරන්න ඕනි..."

" පිස්සුද නවත්තනව විවේන් ඕක.."

විවේන් අර කොල්ලට බිම දාගෙන ගහන ගමන් හිටියේ මං අත් දෙක යටින් අත දාල ඇදල ගත්තට ආයෙ දගල දගල යන්නෙම අරූට ගහන්න..

" ඒයී කෝ මෙහෙ බලනවා කෝ ඉතින් ඇති දැන්...කෝ සන්සුන් වෙන්නකෝ.."

" දේශී ඌ.."

" හරි හරි ඉස්සල්ල calm down.."

විවේන්ට හොදටම මොකේට හරි තරහ ගිහින් හිටියේ..මං එයාව මගෙ පපුවට හිර කරන් සන්සුන් කරා..මට ගොඩක් නෝට් උන දෙයක් එයාට ඉක්මනට තරහ යන එක වගේම එයාට ඒක පාලනය කර ගන්න අමාරු එක..

" පවිත්‍ර මොකද මෙතන උනේ.."

" අහ් දේශ් මේ.."

" ඉක්මනට කියන්න මොකද උනේ කියලා.."

" දේශ් මේ විවේන් ඇතුලෙ ඉදන් එද්දි මෙයාගෙ ඇගේ හැප්පුනා ඒකට sorry කිව්වට මෙයා ආවෙ විවේන් එක්ක රණ්ඩුවට ඊට පස්සෙ අපිට අද දිනන්න බෑ උබල මොක්කුද ග ගා එක එක ඒව කියලා විවේන්ව තල්ලු කරා..ඊට පස්සෙ විවේන් මෙයාව තල්ලු කරන්න යද්දි මෙයා විවේන්ට ගැහුව මං කොච්චර අල්ල ගන්න හැතුවත් බැරි උනා විවේන් මෙයාට ගහන ගහන ගියා.."

පවිත්‍ර එහෙම වෙච්ච සිද්දිය විස්තර කරේ ලග ඉන්න ගුටි කාපු කොල්ලට ඇගිල්ල දික් කර කර...

" ඒයි මැණික ඔයාට අව්ලක් නෑ නේ..මූ ගැහුවද ඔයාට.."

තාමත් මගෙ පපුවෙ මූණ හන්ගන් ඉන්න විවේන්ගෙන් මං ඇහුවෙ පවිත්‍රට ඇහෙන් නැති වෙන්න කනට ලන් වෙලා..විවේන් අව්ලක් නෑ කියල ඔලුව වනනව එක්කම මං හැරුනෙ ගුටි කාපු කොල්ල දිහාට..

" උබනෙ මචං වැරැද්ද කරල තියෙන්නේ මෙයා sorry කුව්වමත් ඔයා රණ්ඩුවට ගිහින් ඉස්සල්ලම මෙයාට ගැහුවම මට අපෙ එකාට වැරැද්දක් කියන්න බෑ.."

" ඒත් මෙ_"

" මොකක්ද මෙතන වෙන්නෙ.."

අරූ මොනාද කියන්න හදනව එක්කම මෙතෙන්ට ආවෙ තව කොල්ලෙක්..

RED EYES 🐺🔞 ( hyunlix ) ✅Where stories live. Discover now