42

974 180 124
                                    

ප්‍රධාන මාළිගයේ එකම කලබලයක්. අතුරුදහන් වූ අධිරජුත් එතුමාගෙ මේට්වත් සොයා යොන්ජුන් සෙබළුන් නොයවපු තැනක් නෑ.

මව්බිසව කලබලයෙන් මාළිගය තුළ කෑගහමින් හිටියා.

"මෙවැනි දෙයක් සිදු වෙලා නෑ කවදාවත්! රාජකීය පැටවුන් බිහිවෙන්න ඕන මාළිගයේ! අර දෙමුහුම් ඔමේගා කොහේ පැටව් බිහි කරාද දන්නෑ!"

මව්බිසව කලබලෙන් එහෙ මෙහෙ යන දිහා සූබින් වගේම යොන්ජුන් කනස්සල්ලෙන් බලා හිඳියා.

"යොනී, බටහිර කැළයට ඔයත් ගිහින් බලන්න." සූබින් යොන්ජුන් දිහාවට හැරිලා කිව්වම එයා හිස වනා එකඟ වුනා.

* * * * * * * *

මාළිගය තුළ මෙවැනි කලබල තත්ත්වයක් තිබුනත් ගඟ අද්දර සුන්දර කුඩා නිවස තුළ තිබුනේ ඉතා සාමකාමී පරිසරයක්. ඒ වගේම මේ මොහොතේ පුංචි කුටිය තුළ තිබුනේ බලන්න ලස්සන දර්ශණයක්.

වෘක ස්වරූපයට පරිවර්තනය වී සිටි විශාල වෘකයා එයාගෙ ඔමේගාගෙ තුරුලෙ කෙඳිරිගාමින් ඉන්න එයාගෙ චූටි පැටව් දෙන්නව ආදරෙන් ලෙවකමින් ඉව කරමින් හිටියා. ඒ අතරේ වෙහෙසකරව දෑස් පියන් ඉන්න එයාගෙ ආදරණීය ඔමේගාගෙ මුහුණ ලෙවකන්නත් වෘකයා අමතක කලේ නෑ.

මේ මොහොතේ වන්ටේ එයාගෙ පැටව් දෙන්නාව අඳුරගනිමින් පැටව් දෙන්නට එයාගෙ සුවඳ දැනෙන්න සලස්වමින් සෑහෙන්න වෙලාවක් එයාලගෙ බැඳීම දැනෙන්න සැලැස්සුවා.

දැනටම ටේහ්‍යුන් එයාගෙ ඔමේගාවත් පැටවුන්වත් පිරිසිදු කර පහසුවක් සලසා ඉවරයි.

ඊළඟට ආයෙත් මිනිස් ස්වරූපයට ආපු ටේහ්‍යුන් එයාගෙ වස්ත්‍රයේ සඟවගෙන හිටපු පුංචි පළඳනාවක් හිමින් එළියට ගත්තා. ඊළඟට එයා පැටව් දෙන්නා දිහා බලලා කොයි කෙනාද කියලා තේරුවෙ සුවඳින්, මොකද පැටව් දෙන්නම එක වගේ.

ඊළඟට පැටව් දෙන්නගෙන් පිරිමි පැටියව ගන්න එයා ඔමේගාගෙ අත හිමින් බුරුල් කරහම එයා දෑස් ඇර ටේහ්‍යුන් දිහා බැලුවා. ටේහ්‍යුන් මදහසක් නැගුවා.

"ටිකකට එයාව මෙතනින් තියනවද?" ටේහ්‍යුන් ඇහුවම ජන්ග්කුක් හිස වනා එක් අතක හිටපු පැටියව ප්‍රවේසමෙන් යහන මතින් තිබ්බා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now