Part 13 ❀

148 12 1
                                    

" විවේන්ට හොදයි දැන්..එක්කන් පල ඇවිල්ලා..."





⏳⏳⏳⏳⏳

දවස් පහක්..එදා සිද්දියෙන් පස්සෙ මං මෙච්චර දවස් හිටියෙ සිහින නැතුව මේ කාලෙ ඇතුලත මොනා උනාද කියන්න මං දන්නෙ නෑ..ශනිල්ක එයා kanima කෙනෙක්..මට මතක එදා එයා මාව අල්ලන් ගිහින් මට තුවාල කරපු එකයි කෝල් එක්කින් දේශිගෙ කටහඩ ඇහුන එකයි විතරයි..එතනින් එහාට මොනා උනාද කියන්න මං දන් නෑ..

දවස් පහකින් සිහිය එන මං ඉන්නෙ දේශිගෙ room එකේ..

" දේශී.."
මාව බදාගෙන ඇදේ එහා පැත්තෙන් නිදාගෙන ඉන්න දේශිට මං කතා කරා..පව්ව් එයාට මහන්සි පාටයි..ඇයි දේශි ඔයා මට ඔහොම ආදරේ කරන්නේ..ඔයාට පසු තැවෙන්න වෙයි..එදාට මොකද කරන්නේ..

" දේශියෝ.."

" ම්ම්..අහ් මෑණික ඔයා අනේ..ඔයා පන.."

එයාට ගොඩාක් සතුටුයි..කියා ගන්නෙ මොනාද කියල හිතා ගන්න බැරුව මාව තදිත් බදා ගත්තා..ඇස් යටත් කලු වෙලා කෙට්ටු වෙලා මට සිහිය එනකන් බලන් හිටියද ඔයා..

" මැණික ඔයාට කොහොමද දැන්..කියන්නකො මට.."

" දැන් හොදයි දේශි අනේ..කියන්නකො කොහොමද මට හොද උනේ ශනිල්කගෙන් මාව බේර ගත්තෙ කව්ද.."

" නොකිය හිටියොත් ඔයා මාත් එක්ක තරහ වෙනවද.."

" අනේ ඒත්.."

" සමහර කියන්න බැරි දේවලුත් තියනවා චූටි මැණික.."

" ඔයාල ඔක්කොම මගෙන් මොනා හරි හන්ගනව නේද.."

" වෙලාව ආවම මං හැමදේම කියන්නම්..එතකන් තරහ නොවී ඉන්නව නේද..ම්ම්ම්.."

" හ්ම්ම්.."

මං දන්නව දේශි ඔයාල මගෙන් ලොකු දෙයක් හන්ගනවා..ඒකට ලොකු හේතුවක් ඇති කමන් නෑ මං ඉවසන් ඉන්නම් ඔයා මට හැම දේම කියනකන්..ඒත් ඒ දේ කවදාවත් මං හිතන දේනම් වෙන්න එපා..ඒක එහෙම උනොත් මං ගොඩක් අසරණ වෙයි..

" බඩගිනිද චූටි.."

" ඔව් නේ.."

" නැගිටින්න පුලුවන්ද කන්න යමු..නැත්තන් මං මෙහෙට ගේනද කෑම.."

" ඔයාට බැයිද කවන්න.."

" කවන්නම් මැණික ඉන්නකො ඒනම්.."

RED EYES 🐺🔞 ( hyunlix ) ✅Where stories live. Discover now