43

786 185 77
                                    

හිතාගන්න බැරි වුනු ඒ ආශ්චර්යමත් සිද්දියෙන් පස්සෙ ටේහ්‍යුන් ජන්ග්කුක් දෙන්නම පැටව් දෙන්නා එක්ක රහස් මාර්ගයකින් ප්‍රධාන මාළිගයට ගියා. ඇල්ෆා කැමති වුනේ නෑ පිට අය එයාගෙ ලස්සන පැටව් දෙන්නව දකිනවට.

එයාලා ප්‍රධාන මාළිගයට යන එකට ජන්ග්කුක් කැමති වුනේ නම් නෑ. ප්‍රධාන මාළිගයට යන්න සිදු වුනු එකම හේතුව හෙට දිනයේ සංවිධානය කර තිබූ පැටවුන්ට නම් තැබීම සහ රාජකීයභාවය පැවරීමේ උත්සවය.

"ටේහ්‍යුන්ගි හෙට උත්සවයෙන් පස්සෙ අපි බටහිර මාළිගයට යමු හොඳද?" ජන්ග්කුක් කිව්වේ අලුත ඉපදුනු පැටවුන්ට සුදුසු පරිසරයක් ලෙස ප්‍රධාන මාළිගය එයාට නොදැනුනු නිසා.

"අනිවාර්යෙන්ම පැටියො, එයාලා මෙහෙ ඉන්නවට මං කැමතිත් නෑ." ටේහ්‍යුන් කිව්වා.

එයා ජන්ග්කුක්ට පරිස්සමින් ඇඳෙන් ඇල වෙන්න උදව් කරලා පැටව් දෙන්නවත් ඒ අසලින් තැබුවා. ජන්ග්කුක්ට තවම සියයට සියයක් සුව නෑ. මේ වගේ තත්ත්වයක මේ වගේ උත්සව තියන එකට ටේහ්‍යුන් අකමැති වුනත් සාම්ප්‍රදායට අනුව පැටවුන්ට මසක් සපිරෙන දිනට නම් තැබීමේ චාරිත්‍රය සිදු කර රාජකීයභාවය ලබා දීම පූජකවරු විසින් ඉටුකරන්න ඕන. විශේෂයෙන් රාජකීය පැටවුන්ට මේ උත්සවය අනිවාර්ය වුනා.

"ඕ~ මගෙ චූටි කුමාරයටයි කුමාරියටයි හෙට නම් තියන්න ලොකු උත්සවයක් තියෙනවා~" ජන්ග්කුක් කිව්වේ පැටව් දෙන්නව නළවන ගමන්.

"ඔයාලට සතුටුද හ්ම්ම්?" ජන්ග්කුක් ඇහුවේ චූටි පැටව් දෙන්නගෙ කම්මුල් අතගාමින්. පැටව් දෙන්නා එහෙ මෙහෙ ඇඹරෙමින් ලොකු කෑගැසීමක් පිටකලේ දෙන්නවම සිනහා ගස්සවමින්. ටේහ්‍යුනුත් එතනට එකතුව පැටව් දෙන්නගෙ කෝළම් දිහා ආසාවෙන් බලා හිඳියා.

"ටේහ්‍යුන්ගි මටත් ඒ උත්සවයට එන්න පුළුවන් නේද? ම-මමයි ඔබතුමයි නේද.. ඒ චාරිත්‍ර කරන්නෙ?" ජන්ග්කුක් ඇහුවම ටේහ්‍යුන් හිනාවෙලා හිස වැනුවා.

"හ්ම්ම්.. නැත්තන්. මගෙ ලිලී මලනෙ එයාලගෙ ඔම්මා." ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ කම්මුලක් අතගාමින් කිව්වම ජන්ග්කුක්ට ගොඩක් සතුටුයි. එයා බයෙන් හිටියෙ පැටවුන්ගෙ ජීවිතේ විශේෂම අවස්ථාවක එයාට ඉන්න බැරි වෙයි කියලා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Tempat cerita menjadi hidup. Temukan sekarang