44

850 172 175
                                    

තවත් වෙහෙසකර නමුත් ආදරණීය දෙමසක් ටේහ්‍යුන් ජන්ග්කුක් දෙන්නා ගෙවා දැමුවා. එයාලා අලුත් පවුලක් විදිහට පුංචි පැටවුන් වැඩෙන ආකාරය ආසාවෙන් බලා හිඳියා වගේම ඒ දෙන්නාට එකිනෙකා කෙරෙහි තිබූ සෙනෙහස තව තවත් දළු ලා වැඩෙමින් තිබුනා.

පුංචි පැටව් දෙන්නත් දැන් ටිකක් ලොකුයි. අප්පාගෙ කඩවසම් බවත් ඔම්මාගෙ සුන්දරත්වයත් මිශ්‍රව පැටව් දෙන්නාත් සුන්දරත්වයෙන් අනූනව හිටියා. ඒ නිසාම පැටව් දෙන්නව දකින ඕනම කෙනෙක් ක්ෂණිකයෙන් මේ හුරතල් ලස්සන පැටව් දෙන්නට වශී වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.

විශේෂයෙන් ඔම්මගෙ ලස්සන බනී හිනාව උරුම වූ පුංචි ටේජන් කුමරු කාගෙත් හිත් දිනාගත්තා.

කාලය මෙහෙම ගෙවුනත් ගෙවුනු සතියේ ටේහ්‍යුන්ගේ හැසිරීමෙ වෙනසක් නිසා ජන්ග්කුක් හිටියෙ ලොකු පීඩනයකින්.

ඒ වෙනස තමයි ටේහ්‍යුන් එයාව මගහරින එක. වෙනදට නිතරම එයාලා ගාව ඉන්න ටේහ්‍යුන් දැන් දවසකට දෙවතාවකට වඩා එන්නෙ බොහොම කලාතුරකින්. ජන්ග්කුක්ට මේක ලොකු පීඩනයක් වුනා.

විශේෂයෙන් තනියම පැටවුන් දෙන්නෙක්ව බලාගන්න එක ලේසි පහසු දෙයක් නෙමෙයි. පැටව් දෙන්නම මේ දෙමසට ඉක්මනින් ලොකු වී තිබුන නිසා ඔමේගාට දෙන්නවම එක්වර බලාගන්න හැකියාවක් තිබුනෙ නෑ.

ඉතින් පැටව් දෙන්නගේ සියලුම වැඩකටයුතු කරලා එයා දවස අවසන් කරන්නෙ හෙම්බත් වෙලා, ඒත් රාත්‍රියේදිත් ඒ වැඩරාජකාරි වල කෙළවරක් නෑ. මෙහෙම තත්ත්වයක් මත ටේහ්‍යුන් එයාව මගහැරීම ජන්ග්කුක්ට පීඩනය වැඩි කරන්න සමත් වෙලා තිබුනා. පැටව් දෙන්නව තනියම බලාගන්න ජන්ග්කුක්ට පුළුවන් වුනත් එයාගෙ ඇල්ෆා එයාව මගහැරීම ඔමේගාට ඉවසන්න බැරි වුනා.

ටේහ්‍යුන්ගෙන් හේතුවක් අහන්න තියා හරියට කතා බහ කරන්නවත් වෙලාවක් නැතුව ජන්ග්කුක් පැටව් දෙන්නා එක්ක කාර්යබහුල වෙලා ඉන්න අතරේ ටේහ්‍යුන් ජන්ග්කුක්ව මගහරිමින් හිටියා.

එතකොට අදත් එවැනිම දවසක්.

රාත්‍රිය උදා වී තිබුනා වගේම ජන්ග්කුක් ටේජන්ට කිරිදෙන ගමන් නිදිකිරමින් හිටියා. අනෙක් පස යහන මත හිටපු ටේහි හොඳ අවදියෙන් එයාගෙ කුස පුරවගන්න අවස්ථාව එනකන් බලා හිඳියා. ඒත් චූටි පැටියට බඩගිනි වෙලා වගේ, එයා කේන්තියෙන් එයාගෙ පුංචි අතපය ගසමින් ඉකියකින් පටන් අරන් අඬන්න ගත්තම ජන්ග්කුක් අවදි වුනා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Dove le storie prendono vita. Scoprilo ora