කූට සැලැස්මක් & SURPRISE 😶

116 12 16
                                    

ඩිලේශ් ආර්යන්ගේ අතින් අල්ලගෙන හෝටලයෙන් එළියට එද්දී....ඊයේ කවුන්ටරයේ හිටපු කෙල්ල එයාල ලගට ආව

ඒකි බැලුවේ ඉතින් ඩිලේශ් දිහා තමයි.

මොකද ඩිලේශ් හෙන හැන්ඩියනේ.....

"Hello sir...where are u going "

ඒකි ඕන්නැති මගුලක් නෑ...ආර්යන්ට එහෙම හිතුන..

"We...are..."

"Actually we are going for date! Do you have problem ?"

ඒකිගේ නැටිල්ලට ආර්යන් කැමති උනේ නෑ...ඒකයි ඩිලේශ් උත්තරයක් දෙන්න හැදුවත් ආර්යන් මැද්දට පැනල අහංකාර විදිහට ඒ දේ කිව්වේ...

කෙල්ලගේ මූණ නරක් උනා...හොද වැඩෙ...

"No...no..i don't have any problem "

"Thats good then"

ආර්යන් ගනන් ගන්නේ නැති voice එකෙන් කියලා ඩිලේශ්වත් ඇදගෙන එලියට ගියා

" ආර්යන් ???"

"හ්ම්"

"මොකද එහෙම හැසිරුනේ?"

"මට ඕන හිංදා...ඒකි තරමට වැඩි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද බොස්"

ඩිලේශ් හක හක ගගා හිනාවෙන්න ගත්තා

" දැන් ආර්යන්ට ජෙලද?"

"පි...පිස්සුද...මම මොකටද...ජෙ...ජෙල්ස් ග්න්නේ"

ආර්යන් ගොත ගගහා කියද්දි ඩිලේශ් ආයේ හිනාවෙන්න ගත්තා

" හරි හරි..දැන් අපි යමු...ආපු වැඩෙ කරන්න"

ඔවුන් ටව්න් එකට ගියා...ඒ වෙන මොකටවත් නෙමෙයි...රහස් වැඩකට....

ඔවුන් සැක නොහිතන විදිහට කපල් එකක් වගේ අතින් අල්ලගෙන හිනා වෙමින් ඇවිද්දා..කියන්න බෑනේ කව්රුහරි එයාලගේ පස්සෙන් ඇවිත්ද කියලා, එයාලා ගැන ඔත්තු බලන්න එහෙම

ඔවුන් ගියේ බෙහෙත් සාප්පුවක්( ෆාමසි) එකකට...ඒකේ කැශියර් එකේ හිටියේ තරමක් වයස්ගත මිනිහෙක්

ඔහු ඔවුන් දිහා බැලුවා

" මොනාද ඕනේ"

ඩිලේශ් වටපිට බලලා ඒ මිනිහ ලගට පොඩ්ඩක් ලං උනා...

"සලොස්....ශාමා...ගෝයි ෆස්" ( විස්තර කියන්න පුලුවන් තරම් ඉක්මනින් )

Three detectives  🖤 |  zhanyi sinhala bl Love Waar verhalen tot leven komen. Ontdek het nu