Chapter 38

572 70 28
                                    

කාර් එකෙන් බැහැලා ශේථුගේ අත් වලට වාරු වෙලා එන තිශාව දැක්කම මාව එකපාරටම ඉදන් හිටපු තැනින් නැගිට්ටුනා.

තිශා ප්‍රෙග්නන්ට් ද....

ලා කහ පාට ගවුමක් ඇදන් උන්න තිශාගේ බඩ ඉස්සරහට නෙරලා තියෙද්දි ශේථුගේ අත් වලට වාරු වෙලා කාර් එකෙන් බැස්ස තිශා අපි ඉන්න දිහාවටත් බැල්මක් දෙන ගමන් ගේ ඇතුලට ගියා.

මොනාද මේ වෙන්නේ එතකොට ශේථු මැරි කරන්න යන්නේ තිශාවද?

අඩු වෙලා තිබ්බ ඔලුවේ කැක්කුම ආයෙත් පාරක් වැඩි වෙද්දි මම වාඩි වෙලා හිටපු ඔංචිල්ලාවෙන් නැගිටලා හිච්චිවත් දාලා ගෙට ආවා.

මං එද්දිත් තිශාව ලගින් වාඩි කරන් ශේථු තිශාට මොනාද බොන්න දෙන ගමන් ඉද්දි මම ඒ දෙන්නා දිහාට යන්තම් බැල්මක් දීලා කාමරේට එන්න ආවා.

වෙන්නේ මොනාද කරන්න ඕනේ මොනාද මේ කිසිදෙයක් ගැන මට තෙරුමක් තිබුනේ නෑ.

මේ තරම් කාලයක් ශේථු මට වෛර කලත් එයාගේ අයිතිය තිබුනේ මටම විතරක් වෙද්දි අද මට ඒ අයිතියත් නැති වෙලා කියලා දැනෙද්දි මට හැමදෙයක්ම එපා වෙලා ගියා.

බලාපොරොත්තු රහිත බව දුක තරහව මේ හැම හැගීමක්ම මේ වෙලේ මට එකට දැනෙද්දි මම කලේ ඩ්‍රෙසින් ටේබල් එක උඩ තිබ්බ ලී ස්ටැචු එකෙන් දමලා ගහලා ඩ්‍රෙසින් ටේබල් එකේ කන්නාඩිය කුඩු කරපු එක.

එතනින් නැවතුනේ නැති මං අතට අහුවෙන හැම එකම පොලේ ගහලා දැම්මේ හිතේ තිබුන ආවේගේ ඒ එකදෙයකින්වත් අඩු නොවෙද්දියි.

දවස් ගානකින් බෙහෙතුත් නැති නිසා මට මාවම පාලනේ කරගන්න බැරි වෙද්දි මම කලේ මගේ අත මිටි මොලවලා බිත්තියට ගහගෙන ගියපු එකයි.

ඇගිලි පුරුක් පුපුරලා අත් දෙකෙන්ම ලේ වෑස්සෙද්දි මම ඒ ලේ දිහා බලලා පිස්සුවෙන් හිනා උනා.

උබ හරි ශේථු මම පව්කාරයෙක්, මමයි උබේ උසාවියේ වැරදි කාරයා.මම ම විතරයි ඉතින් මම පලිගන්නම් උබට විදවන්න සලස්වපු මගෙන් මම ම පලි ගන්නම්.

ඩ්‍රෙසින් ටේබල් එකේ බිදුන් කන්නාඩි කෑලි අතරින් පේන මටම කියාගත්ත මං වටපිට බලද්දි දැක්කේ කෑලි කැඩිලා තිබ්බ වීදුරු කෑලියි.

Forgive Me ✔️Where stories live. Discover now