Chapter 44✨

143 29 18
                                    

සමහර අපි ගන්න තීරණ තියනවා ඒවා බලපාන්නෙ අපේ ජීවිතේට විතරක් නෙවෙයි, අපි වටේ ඉන්න අයටත් ඒකේ බලපෑම් එනවා...හරියට මේ දැන් වගේ...මම කරපු දේවල්, ඇත්තටම කිව්වොත් මෙතන මගේ වරදක් නෑ...මම ඒ හැම දෙයක්ම කළේ ඒ දෙන්නට ලස්සන ජීවිතයක් දෙන්න... ඒත් මම තෝර ගත්ත පාර හරිද වැරදි ද කියලා මට තාමත් තේරුම් ගන්න බෑ...

************************************

අපි දැන් සෙල්ලම පටන් ගමු....

මුලින්ම කාගෙන්ද? ම්ම්ම්....

Yizi සෙල්ලම පටන් ගන්නෙ කාගෙද කියලා නිකටට අත තියාගෙන කල්පනා කරලා මගේ දිහාවට ඇවිදගෙන ආවේ මහ අමුතු බැල්මක් එක්ක....ඒකි එන්නෙ මට මොනවා හරි කරන්න කියලා දැනුනම මගේ හිතට පොඩි බයක් දැනුනත් මම වෙන ඕන දෙයක් දරා ගන්න හිත හදා ගත්තෙ ඒ දෙන්නට කරදරයන් නොවීමම මැරුනත් කමක් නෑ කියලා හිතාගෙන. මොකද මම බය නෑ මැරෙන්න . හැබැයි මම නිසා ඒ දෙන්න මැරෙනවා බලන්න මට ඕන නෑ...

ම්ම්ම්...වන්ග් යීබෝ...ඒක නේද තමුන්ගේ නම?

ඒකි මගේ ගාවට ඇවිත් මගේ මූණ අර නියපොතු වැවිච්ච දිග ඇඟිලි වලින් මිරිකන ගමන් කිව්වෙ, මම ඒකිට හොඳවැයින් ම රවද්දි...

මොකද රවන්නෙ ආ...? මොනවද හිතුවේ? තමුසේ මහ ලොකු වීරයා කියලද? හරි එහෙනම් මහ ලොකු වීරයා වගේ බලන් ඉන්නවා මම දැන් තමුසෙට කරන්න යන දේ....

අරකිව අතනින් ගලවලා, අර පේන රවුම මැද්දෙන් හිටවපන්...

Yizi එක හෙන්චයියෙකට අණ දෙද්දි දෙන්නෙක් ගිහින් මගේ නංගිව බැඳලා තිබුන තැනින් ගලවලා අර කිව්ව තැනට අරගෙන ගියා...බිම කලුපාට මොනවාහරි තෙල් වගේ දිලිසෙන දෙයකින් රවුමක් ඇඳලා තියෙද්දි, උන් යන්න බෑ කිය කිය දඟලන් කෙල්ලව බලෙන්ම ඇදන් ගිහින් ඒ රවුම මැද්දෙ හිටවලා අත් උඩට වෙන්න බාල්කෙට සෙට් කරපු යකඩ දම්වැල් වල ගැට ගැහුවා...

මට යන්න දෙන්න....අනේ අම්මේ..මට බෑ...මාව බේර ගන්නකෝ....අනේ අයියේහ්....අනේ ම්හ්ක්...හ්...හ්...හ්..හ්...

ඕක නවත්තපන්...මොනවද යකෝ කරන්න යන්නේ? එයාට පාඩුවේ ඉන්න දීපන්....

මම ආයෙත් බෙරිහන් දෙද්දි, ඊට එහායින් යන්න අම්මගේ විලාපේ ඇහෙන්න ගත්තා.....

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now