Part 17 ❀

115 7 0
                                    

සති දෙකක්ම ගෙවිලා ගියා..විශ්වාස කරන්න පුලුවන්ද දේශි මාත් එක්ක මේ වෙනකන් කතා කරේ නෑ කියලා..නිවාඩු ඉවර වෙලා ආයෙත් college ගියත් එයා නෙවෙයි මාත් එක්ක කතා කරේ..එයාගෙ සුවද මාව වෙලාගෙන ගියත් ඒ ඇස් මං දිහාට හැරෙන් නෑ..මං නැතුව එක විනාඩියක් ඉන්න බෑ කිව්ව එයා කොහොමද දැන් එහෙම ඉන්නේ..දේශි ඇත්තටම ඔයා මාව රැවැට්ටුවද..

" විවේන් මොනාද ඔච්චර කල්පනා කරන්නේ.."

" මුකුත් නෑ..."

" මුකුත් නැති වෙන්න බෑ නෙ ළමයෝ..ඔයා මේ දවස් ටිකේම ගොඩක් වෙනස්.."

" එහෙම මුකුත් නෑ පවිත්‍ර..දැන් ඩාන්සින් නේද තියෙන්නෙ යන්නෙ නැද්ද.."

" යන්න ඕනි හලෝ ඔයා ඕම ඉද්දි යන්න බෑ වගේ.."

" මට අව්ලක් නෑ නිදා ගන්න ඕනි ටිකක් අද මියුසික් නෑ ඒකත් හොදයි.."

" ඒනම් ඉතින් මං එනකන් නිදාන ඉන්නකෝ.."

" පවිත්‍ර මේ දේ__ ම්ම්..මුකුත් නෑ යන්න.."

" දේශාන් ගැනද අහන්න ගියේ..ම්ම්.."

" නෑ.."

" විවේන් මං මෝඩයෙක් නෙවෙයි හලෝ..ඔයාල දෙන්න ගැන මං ඉස්සර ඉදන්ම දන්නවා.."

" පවිත්‍ර ඔයා.."

" මගෙ b day එක දවසෙම තමා මං ඒක දැන ගත්තේ..දේශාන් ඔයාට කිස් එකක් දීල යනව මං දැක්කා..අනික ඔයාල ඒක මට නොකිය හිටියට දෙන්නට දෙන්න හොරෙන් බලන හැම වෙලාවෙන තේරෙනව ඒක එහෙමයි කියලා..ඇයි මගෙන් හැන්ගුවෙ කියල මං අහන් නෑ ඉතින්..මං තරහක් නෑ විවේන්.."

" පවිත්‍ර මං ඒක..අනෙ සොරී..මට ඒක ඔයාට කියන්ම බය හිතුන ඔයා මාත් එක්ක තරහ වෙයි කියලා.."

" ඇයි විවේන් මං ඔයා එක්ක තරහ වෙන්නේ..මං ඔයාට ආදරේ කරාට ඔයා මට ආදරේ කරන්නෙ ඒ විදිහට නෙවෙයි කියල මං දන්නවා..ඉතින් ඔයාට ඔයා ආදරේ කරන කෙනෙක්ගෙන්ම ආදරයක් හම්බෙද්දි ඇයි මං තරහ වෙන්නේ..මට සතුටුයි ඔයාට දේශ්ගෙන් ඒ වගේ ලොකු ආදරෙයක් හම්බෙම නිසා.."

" ඔයා හිතනවද දේශි මට ඇත්තටම ආදරෙයි කියලා.."

" ඇයි නැත්තෙ විවේන් ඒයාගෙ ඇස් වලින්ම පේනව ඒක..ඔයා දිහා බලන එක බැල්මෙන් තේරෙනව එතන තියෙන්නෙ ලොකු ආදයක් කියලා.."

RED EYES 🐺🔞 ( hyunlix ) ✅Dove le storie prendono vita. Scoprilo ora