45

900 177 232
                                    

ටේහ්‍යුන් හිටියෙ යොන්ජුන් එක්ක තේ පානය කරන ගමන්.

"එතකොට හියුන් කියන්නෙ වෙළඳ අමාත්‍ය ජේයොන් මේකට සම්බන්ධයි කියලද?" යොන්ජුන් ඇහුවම ටේහ්‍යුන් එයාගෙ තේ කෝප්පෙන් උගුරක් බීලා හිස වැනුවා.

"ඔව්, ඒත් ස්ථිර නෑ. වැම්පයර්වරු එක්ක හොඳින්ම සම්බන්ධකම් තියාගන්න හැකියාවක් තියෙන්නෙ එයාට විතරයි. ඒත් මෙතන ප්‍රශ්නෙ එහෙම කරන්න මොකද්ද එයාගෙ අරමුණ කියලා." ටේහ්‍යුන් කිව්වම යොන්ජුන් පවා ව්‍යාකූලව කල්පනා කලා.

ඒත් කාටවත් හිතාගන්න බෑ රාජද්‍රෝහී වී ජේයොන් ලබා ගන්න අරමුණ මොකද්ද කියලා.

"ජේයොන් ගැන පරික්ෂාවෙන් ඉන්න මං ඔත්තුකාරයොන්ව දැම්මා. බලමු එයා මොනවද කරන්නෙ කියලා." ටේහ්‍යුන් කිව්වම යොන්ජුන් හිස වනා තේ උගුරක් බිව්වා.

"ම්ම්.. හියුන්."

"හ්ම්ම්?" ටේහ්‍යුන් ඇහුවෙ ආයෙ තේ කෝප්පය මුවට ළං කරගන්න ගමන්.

"ඉක්මනින් තව පැටව් හදන්නකො."

යොන්ජුන්ගෙ ඒ වචන වලට ටේහ්‍යුන්ට බිබී හිටපු තේක ඉස්මොල්ලෙ ගියා.

"හ්-හියුන් හොඳින්ද?"

යොන්ජුන් ඇහුවේ හයියෙන් කහින අධිරජුගෙන්.

"යා මනුස්සයො! තමුන්ගෙ හියුන් උනත් අධිරජුගෙන් ඔහොම දේවල් ඉල්ලනවද ආ?!" ටේහ්‍යුන් කෑගැහුවම යොන්ජුන්ගෙ කම්මුල් තද රත් පැහැයට හැරී බිම බලාගත්තා.

"ස-සමාවෙන්න, මං දන්නවා ඒක හියුන්ගෙ පෞද්ගලික ජීවිතේ කාරණාවක් කියලා. ඒත් ඒක දැන් මගෙ පෞද්ගලික ජීවිතේටත් බලපාන කාරණාවක් නිසයි ඇහුවෙ." යොන්ජුන් මූනකුළන් කිව්වා.

"ආ?"

"සූබින්, සූබින් කියනවා හියුන්ට ඉස්සර වෙන්න දෙන්නලු." යොන්ජුන් මූන හකුළන් කියද්දි ටිකකින් තමයි ඒක ටේහ්‍යුන්ට තේරුනේ. එයාට ඒකට හයියෙන් හිනා ගියත් ඊටපස්සෙ ක්ෂණිකයෙන් එයා ඒක අතුරුදහන් කරගත්තා.

"බෑ."

"හියුන්~"

"යා කටවහනවා, ආයෙත් ඔහොම දේවල් මගෙන් ඉල්ලන්න එපා. ඒක මමයි මගෙ මේටුයි තීරණය කරන්නම්."

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now