6

32 10 3
                                    

හොබීගේ කඩෙන් අඇවිත් හිත සන්සුන් වෙනකන් ඉදලා මන් ගියේ ගෙදර  . ඒකත් මන් එනකන්ම බලන් ඉදලා අම්මා බනින්න ගත්තා

" මොකක්ද දූ අද උදේ කියලා ගිය කතාව ? බෑනෙක් ඉන්නව අම්මට ? මොකක්ද ඒ . අර මනුස්සයා මොනවා හිතුවද දන්නෙ නෑ . තාත්තත් නැතුව මන් ඔහොමද දරුවො හැදුවෙ අහයි "  අම්මා මට ඔරව ඔරව කියනකොට මන් හිටියේ උත්තර දීගන්න පුලුවන් මානසිකත්වයකින් නෙවේ .

" එහාට වෙන්න අම්මා . මට ටිකක් නිදහසේ ඉන්න දෙන්න " කිසිම ප්‍රශ්නෙකට උත්තර නොදී මන් එහෙම කියලා පඩිපෙල නගින්න ගත්තා .

ගෙනාපු පතොක් පැලේ ආරක්ශක හේතූන්  මත ටේහ්‍යුන්ග්  හෙවත් පොඩි යකා ඉදගන්න පුටුව උඩ උලක් උඩට හිටින්නම තියලා මන් ගියේ මගේ කාමරේට

මේවා ටිකක් බරයි . තුන් වෙනි අවස්තාවක් නෑ කියන්නේ මන් ඊලග පාර එහෙදි මැරුනොත් ආයේ ටයිම් එක ලූප් වෙන්නෙ නෑ කියන එකද ? . දැනටමත් ටයිම් ලූප් දෙකක් උනානේ ?

ඕවා හිත හිතා ඉද්දි මට නිකන් අර සින්දුවේ තාලේ අඇහෙනවා අඇහෙනවා වගේ දැනුනා . ජනේලෙන් එලිය බලනවා එක්ක තිබුන අදුරු පරිසරයයි  , කෑ ගහන රැහැයියොයි මට තනිකම කියන එක කොයි වගේද කියලා දැනෙන්න සැලැස්වුවා .

ඉතින් මන් සේරම කියන්න කෝල් එකක් ගත්තේ වියානට . එයා .. එයා නිදි නැතුව අඇති .  මන් එහෙම හිතන ගමන් එයාට කෝල් එකක් ගත්තා .

"  ව් වියානා . ඔයා වැඩකද ? " මන් බිදුන හඩකින් අහන්න ගත්තා

" නෑ . මන් මේ ටෝ කෝල් දෙනකන් ෆෝන් එකේ අඇස් අලවගෙන හිටියා . " එයා අනිත් පැත්තට කියන්න ගත්තා . නපුරු නෑ වියානා . ඔය එයාගේ හැටි

" අනේ බන් ප්ලීස් . මන් ඉන්නෙ හොද තත්වෙක නෙවෙයි . අහන්නකො උන දේ " මන් හිමීට කියනකොට එයා මට " කියන්න " කියලා කිව්වා .

" වියානාහ් .. මට අද දවස තුන් පාරක් රිපීට් උනා දැනුනා. ඔයාට මතකද මන් ඔයාට කියපු ලූනරිස්ගේ දූපත ? " මන් අඇහුවා

" ඔව් අර හොල්මන් එකනේ . ඔයා ෆොටෝ එව්වේ . "

" ඒක තමයි .අද උදේ මන් ආවම අඇහැරුනේ 11: 11 ට . හීනෙන් දැකපු කොල්ලා නිසා මගේ මතක අඇවිස්සුනා . පස්සේ මන් ටේහ්‍යුන්ග්  එක්ක ලූනරිස්ගේ දූපතට ගියා ... බනින්න එපා ප්ලීස් අහන් ඉන්න

එතනට අඩිය තියද්දිම බෙල් එක වැදුනා මන් අඇහැරුනා .  ඊට පස්සෙ මන් යනකොට විච්ච දේවල් සේරම ආපහු වෙබ්න ගත්තා  . ඊටත් වඩා මාව බය කරේ " someone  wrote this song before.. " ගාලා අවස්තාවටම ගැලපෙන සෝන්ග් එකක් යද්දියි . පස්සෙ  ටේ නැතුවම මන් ගියා දූපතට . වීඩියොත් කරා . ඒත් එතන උන දෙයක් නිසා මන් ආපහු අඇහැරුනේ මගේ කාමරෙන්. අඩුම වීඩියෝ එකවත් නෑ  . " මන් කියද්දි එයා හොදට අහගෙන හිටියා

" උඹ කියන්නේ ටයිම් ලූප් එකක් උනා කියලද ? . අනිත් අයට කිව්වද දැන් ? "

" කොහොමද මන් කියන්නේ වියානා . එයාලා පිලිගනීවිද ? මන් කිව්වොත් මේ දේවල් එයාලා අහයිද ?  " අන්තිම ටික මන් කිව්වේ අඇඩෙන්න ඔන්න මෙන්න තියාගෙන

" අහපන් . මට උඹව විශ්වාසයි . ඒත් නරකද ලගක ඉන්න කෙනෙක්ව මේවා ගැන දැනුවත් කරා නම් . මට තමුසෙට පලු යන්න බනින්න ඕනේ මට නොකියා මෙච්චර මගුලක් කරාට . ඒත් මේ ඒකට වෙලාව නෙවේ . ගොන් හරකි ටෝව අහු උනා නම් බාවනවා  " එයා එහෙම කියද්දි මන් සුරුස් ගාලා නහය උඩට අඇද්දා

" එතකොට  තුන් වෙනි පාරට අද  මන් අඇහැරුනාගෙන් පස්සේ හොබීගේ කඩේට ගියා .. එතනදි මට  " එක්කිනෙක්ට අවස්තා තුනක් නෑ "  වගේ අදහසක් තියෙන නෝට් එකක් හම්බ උනා . ඒත් එයා එහෙම එකක් ලියලා නෑ . පස්සෙ එයාගේ ෆෝන් එකෙනුත් අර මූසල සෝන්ග් එකම ප්ලේ උනා  "   මන් හිමින් කියද්දි වියානගෙ සද්දෙ එන එක නතර උනා ..

" චුට්ටක් ඉදපන් . ප්‍රොෆෙසර්  නම්ජූන්ගේ ෆයිල් එක්ක ඕවා ගැන යමක් තියනවා දැක්කා . සුටුස් ගාලා  මන් ඒක හොයන් එන්නම්  " එහෙම කියපු එයා ෆෝන් එක කට් කරා.

වියානාට කියපු එක හිතට ලොකු නිදහසක් . ඒත් ආපහු ටයිම් ලූප් එකක් උනොතින් එයාටත් මේවා මතක නැති වේවි නේ . අනේ අඇයි මන් මෙච්චර අසරන වෙලා .. මටම අඇඩෙන්න ගත්තා

TBC


මන් ආයෙමත් මතක් කරනවා මේක සිගිති කතාවක් කියලා.

In That Dream We Met | KSJWhere stories live. Discover now