Chapter 1 💜️

177 20 7
                                    

අවාරෙක මෙහි ඇවිත් මගේ ළඟ දැවටෙන්න..
සිනිදු තොල්පෙති වලින් මුමුණා ආදරෙයි පවසන්න..
වරක් මා වෙත ඇවිත් සෙමින් මා සිපගන්න..
බිඳීගිය මා නුඹේ ආලයෙන් සනසන්න..🤍










































වසර දහස් ගණනාවකට ඉහත අතීතයේ..

.

.

.


යුන්මෙන් කඳුකරය පුරා විහිදුණු නීල වර්ණයෙන් පිරුණු වනාන්තරයේ සුන්දරත්වය වැඩි කරමින් දිය දහරාවක් කඩා හැලෙයි..ඒ අසලම භාවනා යෝගීව සිටින සුන්දර තරුණයෙකි..යෞවනත්වය බේරෙන ඒ තරුණයා කිසියම් ධ්‍යානයකට මනස යොමු කරගෙන සිටින සෙයකි..ඉණ තෙක් කඩා හැලෙන දිගු කොණ්ඩය ඔවුන්ටම ආවේණික ක්‍රමයකින් ගැට ගසාගෙන සුදු පැහැති වස්ත්‍ර වලින් සැරසී සිටින ඔහු උදෑසන සුපිපෙන සුදු නෙළුමක් මෙන් විකසිත ය..පවිත්‍ර ය..දකින ඕනෑම අයෙකුගේ මන පිනවන එම රුව අසලම කුඩා පුළුන් බෝලයන් රැසකි..විටෙක තරුණයාගේ සිරුර දිගේ දුවමින් ඔහුගේ වස්ත්‍ර වලින් අදිමින් ඔවුන් සිදුකරන දඟකාරකම් තරුණයාගේ ධ්‍යානයට කිසිසේත්ම බාධාවක් නොවන හැඩකි..ඔහු සැබැවින්ම කරනා කාර්යය කෙරෙහි පූර්ණ අවදානය යොමු කළ හැකි අතිදක්ෂ යෞවනයෙකි..

"සියෑන් වෙදදුරුතුමනී.."

වනාන්තරය තුළින් ඇහුනු හඬ මෙතෙක් වෙලා පියවි තිබූ දෑස් විවර කරන්නට සමත් විය..

🌸🤍

2024 වර්ෂය..ශැංහයි නගරය..

"අනේ මමාහ්..මට නම් බෑ ඔය හද්ද ඩොටේ යන්න..මොන මගුලක්ද..ගගාට කියන්නකෝඕඕඕඕඕඕඕඕහ්.."

"එහෙම කියලා බෑනෙ දරුවො..ගගාව එහෙම තනියම තියන්න පුලුවන්ද.."

"එහෙනන් ඔයා එයත් එක්ක යන්න..මං මෙහෙ ඉන්නන්.."

"ආ හොඳට තියෙයි..විකාර නොකර ලෑස්ති වෙන්න ළමයො.."

"මට බෑඈඈඈඈඈඈඈඈඈඈඈඈහ්.."

"වන්ග් යීබෝඕඕඕ.."

ඉතින් ඒ මමාගෙ අවසාන නිවේදනය කියලා අඳුරගත්ත වන්ග් යීබෝ මූණත් ඇදකරන් බාත්රූම් එකට ගියේ නාගන්න..අවුරුදු විසි දෙකක චූටි කොල්ලෙක් උනු වන්ග් යීබෝ කියන්නෙ ඉපදෙද්දිම දඟකාරකම අතේ ගුලි කරගෙන ආපු කෙනෙක්..කොහොමඋනත් අද දවස නම් එයාට හොඳ දවසක් උනේ නෑ..යීබෝගෙ වැඩිමල් සහ එකම සහෝදරයා උනු වන්ග් කුවාන්ට ශැංහයි වලින් ටිකක් ඈතින් තියෙන ගමකට ට්‍රාන්සර් එකක් ඇවිත්..ඉතින් එයත් එක්කම යීබෝටත් ශැංහයි,එයාගෙ කොලේජ් එක වගේම එයාගෙ යාලුවො දාලා යන්න වෙලා..තාත්තා නැති පවුලෙ වගකීම දරන්නෙ කුවාන් වෙද්දි යීබෝට එයාට විරුද්ධ වෙන්න බැරි උනා..කොහොමත් යීබෝ කියන්නෙ ළඟින් ගියොත් ඇහැක් නෑ ජාතියේ පුද්ගලයෙක් නිසා කුවාන්ටවත් යීහාටවත් හිත හදාගෙන යීබොව තනියම නවත්තලා යන්න බැරි උනා

Lavender 💜️🌸 (ZhanYi Fanfiction)Where stories live. Discover now