🌹 රෝ ස 🌹
..
..
..
..
"ඒ මොකක්ද ඒ මැසේජ් කතාව... මන් මැසේජ් බැලුවනෙ අප්පා..."
"මට මොකක් හරි මිස් වෙලාද..."
යීබෝ දෑකැත්තත් පැත්තකට දාලා එක අතකට තේකත් අරන් අඩියට දෙකට ආවේ ශාන්ලා ඉන්න තැනට...
මට අත හෝදන්න වතුර ටිකක් දෙන්නකෝ පපා...
කෝ ඉදාන් මන් දෙන්න...
වන්ග් ඉතින් වදුරු පැට්ටෙක් බඩ බැදගෙනනෙ ඉන්නෙ... ඒ නිසා ජියාම යීබෝගේ අතට වතුර දැම්මා... කොල්ලා අත හෝදන් ශාන් දිහා බලද්දි රැවිල්ලක් නැති උනත් ශාන් යීබෝ දිහා බලලා අහක බලා ගත්තා....
යීබෝ මුලින්ම තේක බිව්වා.. මොකද මේ තේක නිසා කොල්ලා කතන්දර කීයක් අහ ගත්තද අප්පා... ඒකත් නිමිලා.. යීබෝ සට පට ගාලා තේක බීලා ඉවර වෙද්දි කට්ටියම ආයේ වැඩ....
චූටී අපි උයන ගෙදර පැත්තට යන්ද...
හා... අංකල් වන්ග් පපා ඔයත් යන්කෝ...
හා යන් මැණික...
වන්ග් යීබෝටත් යන්නම් කියලා ශාන්ගෙ අතින් අල්ලන් යන්න යද්දි යීබෝ පොලවත් එක්කම හෙල්ලිලා යන්න බර හුස්මක් පහළට දැම්මා...
යකෝ පොලවත් හෙල්ලුනා... උබ මොකෝ සුසුම් හෙලන්නෙ ඈ...
ඈ... නෑ නෑ නිකන්...
යකෝ මූ මේ පැය ගානට නිකන් කිය කිය කීයක් ජාති කරාද.. උත්තෝ මේ... උබ මොකාක් හරි මගුලක් කරනවා කියලා මගේ ඉවට දැනෙනවා ඈ....
නෑ බන් ඉතින්..
හාකෝ...
ජියා ගියේ යීබෝට දෑකැත්තත් දික් කරලා... කොල්ලගෙ ඉවට මොකක් හරි දෙයක් දැනෙනවා.. ඒත් ඒක මොකක්ද කියලා තමයි තේරෙන්නෙ නැත්තෙ... කොයිකටත් දැන් යීබෝ ගැන ඇහැ ගහන් ඉන්න ඕනේ....
ජියා යනකල් ඉදලා තමන්ගෙ ෆෝන් එකත් සාක්කුවෙන් එලියට ගත්ත යීබෝ ශාන් මොකක්ද ඒ කිව්වෙ කියලා සහසුද්දෙන්ම දැන ගන්න කෝල් හරි කරනවා කියලා හිතන් උන්නේ... නමුත්...
Anee..... ummiyak....
අනේ දෙයියනේ....
යීබෝගේ අත නතර උනේ පපුවෙ... අයියෝ ඇයි මේ මැසේජ් එක තමන් ඒ වෙලාවෙ නොදැක්කෙ... පව් දෙයියනේ.. දැන් ඉන්නෙ හිත රිදවගෙන වෙන්න ඇතිනෙ.....
![](https://img.wattpad.com/cover/356595801-288-k586463.jpg)
YOU ARE READING
꧁ රෝස ꧂ ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓
Fanfictionඔයාව දැක්ක මුල්ම වතාවෙයි මට හිතුනෙ.. ඔයා රෝස කියලා.. එක පාරටම මගෙ ඇස් ඉස්සරහට කඩන් පාත් වෙලා මගෙ ඇස් දිහා බලලා ඔයා යන්න ගියා.. ම්ම්.. හැමදාම මාව හොයාගෙන ආව ඔයා.. මගේ රෝස...🌹🌹 Yizhan Fanfiction Love &Romance story 💚❤️