අතීතය..
"නවක සිසුන් පැමිණෙන්නේ කවදාද.."
"ප්‍රධාන වෙදැදුරුතුමා පැවසුවේ නම් හෙට කියා..නමුත් අනිද්දා වන්නටත් පුලුවන්.."
"හ්ම්.."
"සියෑන් වෙදදුරුතුමනී.."
"ම්ම්.."
"ඔබද ඔවුන්ව පුහුණු කරන්න ඉන්නෙ..මට ඇසුනා ප්‍රධාන වෙදැදුරුතුමා එසේ පවසනවා.."
"ඔව්.."
සියෑන් වෙදදුරුතුමාගෙ කෙටි පිළිතුරත් එක්ක සිනහවක් පල කළ ශිෂ්‍ය ශියූ ඔහුට හිස නමා ආචාර කරලා එතනින් පිටව යද්දි සියෑන් වෙදදුරුතුමා ආයෙමත් කර කර හිටපු කාර්යයට අවදානය යොමු කළා..පුරුදු පරිදිම සුදු පැහැ පුළුන් බෝලයන් එයාගෙ වටේ දඟ කරමින් හිටියා..
ළා දම් පැහැයට හුරු වස්ත්‍ර වලින් සැරසිලා ඉන්න ඔහු ලැවෙන්ඩර් පුෂ්පයක් තරම්ම අලංකාරයි..දෙවියන් නිදහසේ මැවූ රූපයක්..
"නුඹලා මට බාධා කිරීම නවත්තන්නේම නැතිද..මෙපමණ දඟ වෙන්න පුරුදු වූයේ කොහින්ද..ම්ම්.."
කුඩා පුළුන් බෝලයෙක් තුරුලට ගෙන මෘදු ස්වරයකින් ඔහු අසන්නෙ මද සිනහවක්ද මුවග රඳවාගෙනයි..ස්වභාවයෙන්ම මෘදු චරිතයක් වන ඔහුට කේන්ති යන්නේ නම් සැබැවින්ම කලාතුරකින්..ඒ නිසාම වෛද්‍ය අසපුව තුළ සියල්ලන්ම ඔහුව ප්‍රිය කළා..කෙසේවෙතත් ඔහු මද කතා බහ ඇත්තෙක්..අවශ්‍යම දෙයකට හැරෙන්න ඔහු වදන් පිට කරන්නෙ බොහොම අඩුවෙන් බව සියල්ලන්ම දැන සිටියා..ඔහු මදක් හෝ දොඩමළු උනේ නිතරම ඔහු වටා දඟ කරන හුරතල් පුළුන් බෝලයන් සමග පමණයි..
YOU ARE READING
Lavender 💜️🌸 (ZhanYi Fanfiction)
Fanfiction💜️..අවාරෙක මෙහි ඇවිත් මගේ ළඟ දැවටෙන්න.. සිනිදු තොල්පෙති වලින් මුමුණා ආදරෙයි පවසන්න.. වරක් මා වෙත ඇවිත් සෙමින් මා සිපගන්න.. බිඳීගිය මා නුඹේ ආලයෙන් සනසන්න..🤍