CHAPTER 1.

605 44 7
                                    

ලොකු ආසාවක් තිබ්බා මට... කොලඹ යන්න, කොලඹ යන්න කිව්වට මම ගොඩක් ආසා උනේ බීච් සයිඩ් එකට යන්න.
ඒකත් රෑ... කළුවර වෙලාවකට.
මහ හරි ආසයි මුහුදු වතුර එක්ක මික්ස්වෙලා එන ඒ ලුණු සුවද එක්ක ගහගෙන යන හුලගෙ ගිලිලා ඉන්න. ඒ හුලගට මගෙ කොණ්ඩෙට එහෙ මෙහෙ පැද්දෙන්න දෙන්න.

ඒ හුලගත් එක්ක එන ලුණු සුවද නාස්පුඩු වලින් ඇදලා අරගෙන ඒකෙන් මගේ පෙනහැලි දෙක පුරවගන්න. එතකොට දැනෙන හැගීමට මම හරි ආසයි.

මම ආස උනා මොනාද නැතත් මුහුද ළග තියන සැනසීම විදගන්න.
මුහුද ළග සැනසීමයි. කොච්චර ගෝල්ෆේස් එක කලබල උනත් ඒ මුහුද හරි සැනසීමයි.

මම මගේ ජීවිත කාලෙටම ඕන්නං පස් හය වතාවක් මුහුදට ගිහිල්ලා ඇති, ඒත් ගෝල්ෆෝස් එකයි, හලාවත මුහුදටයි විතරයි.
මටයි මුහුදයි කිට්ටු සම්බන්ධයක් තිබ්බේ නෑ...

මගේ මේ අවුරුදු විස්සටම මම මුහුදට ගිය දවස් බැලුවොත් උපරිම පැය පහ හයකට වඩා මුහුද එක්ක ගත කරලා නැතුව ඇති.
ඒත් මම මුහුද බලන්න ගිය හැම මොහොතකම මම මුහුදෙ ලස්සන දැක්කා. එයා කොච්චර රළු උනත් , මට එයා ළග නිදහසයි කියලා මම දැනගත්තා.
ඉතිං මම මුහුදට ආදරේ කරන්න ගත්තා.
පස් හය වතාවකට වඩා නොදැකත් මම මුහුද එක්ක ආදරෙන් බැදුනා.
මුහුද එක්ක තනි වෙන්න හීන මැව්වා.
ඇයි මම මුහුදට ආදරේ කරන්නේ කියල හිතුවොත් මගේ හදවතින් එකට උත්තර දහස් ගානක් ගලාගෙන ඒවි.

අද මම ආවා ගෝල්ෆේස්...
අහම්බයෙන්!
මට මතක විදියට මම මුහුද බලන්න අන්තිමට ආවේ දෙදාස් විසිදෙකේ දෙසැ. දොලොස් වෙනිදා
එතකොට දෙදාස් විසිදෙකේ අන්තිම හෝරා ටික ගෙවිලා යන ගමන් තිබ්බේ...

වසර දෙකකට පෙර

එදා ආච්චිව බලන්න රත්මලානේ යනවා කියලා අම්මට බොරු කියලා මම කොලඹ ආවා. තාත්තා එදා ගෙදර හිටියේ නෑ. එයා හිටියනං මම එන්නෙත් නැහැ.
එයා අළුත් අවුරුද්දක් ලබන හැම සැරේකම වගේ ගෙදර ඉන්නෙම නැති තරම්. ඉතිං වෙන අවුරුදු වල වගේ එදත් එයා හිටියේ යාලුවෝ එක්ක එයාගෙ බොන පාටියකට සෙට් වෙලා.

අම්මට බොරු කිව්වට මොකෝ මම එදා ආච්චිට කෝල් එකක් දාලා කිව්වා, මට ටිකක් නිදහසේ ඉන්න ඕන නිසා මම මගින් බීච් එක ලග ටිකක් නතර වෙලා ඉදලා එනවා කියලා.
එහෙම කියන්නත් වැඩි දෙයක් අහන්නැතුව අච්චචා මට කිව්වා "පුතා පරිස්සමින් ඉදලා එන්න මම අම්මිව ශේප් කරන්නම්" කියලා.
මම අපේ අච්චට ආදරේ ඔය හින්දම තමයි, මොකද අම්මා මාව තේරුම් නොගන්න ගොඩක් වෙලාවල් වලදී එයා මාව තේරුම් ගන්නවා.

නොලියූ කවිය || NONFICTIONWhere stories live. Discover now