CHAPTER 5.

165 23 20
                                    

ඒත් ඉන්න,

කොහෙන් පටන් ගන්නද හිතාගන්න බැරි තැනකයි මම ඉන්නේ...

කොතන ඉදං මම පටන් ගන්නද ? ම්ම්....

අපි දෙන්නා ඉස්සෙල්ලම හම්බුන දවසේ ඉදංද?

නැත්තං අපේ ඇස් ඉස්සෙල්ලම කතා කරන්න පටන් ගත්ත දවසේ ඉදංද?






























ඒ වෙද්දි මම ඒ ඉස්කෝලෙට ඇවිල්ලා අවුරුදු එකහමාරක් විතර.මම එතකොට හිටියේ අට වසරේ..
අට කිව්වට හත වසරේ අන්තිම වාරේ...

ස්කූල් එකේදි මම හිටියේ, මම ඉන්න ඕන ක්ලාස් එකට වඩා අවුරුද්දක් වැඩියෙන් තියන ක්ලාස් එකේ.
ජනවාරි වල ඉපදෙන ගොඩක් ලමයි එහෙම අවුරුද්දක් කලින් නේ කොහොමත් ස්කූල් යන්නේ.ඒ නිසා මම හිටියේ මට වඩා අවුරුද්දක් වැඩිමල් ලමයි එක්කයි.

ඉස්සර මමයි සිහතුයි තමයි පන්තියෙන්ම බාල. අනිත් ලමයි දෙදාස් තුනේ ඉපදෙද්දි , අපි දෙන්නා ඉපදිලා තිබුනේ දෙදාස් හතරේ.
මගේ උපන්දිනය උනේ ජනවාරි නව වෙනිදා , සිහත් හරියටම මට වඩා සති දෙකක් බාල වෙලයි ඉපදිලා තිබුනේ.

ඒත් අපි දෙන්නාගෙන් වැඩියෙන්ම ලමාගති තිබුනේ මට. සමහර වෙලාවට ලමයි මට අකමැති වෙන්නේ මගේ දැගලිල්ල හින්දමයි.

මට තිබුනා නතර කර ගන්න බැරි විසයක්! කොයි වෙලෙත් කච කචේ වගේ කියවන , වටේ පිටේ ඉන්න උන්ට ටිකක් වද දෙන ගතියක්. ඒ කාලේ මම හරි දගයි. කොච්චර දගද කිව්වොත් මම කවදාවත් අපේ හත වසරේ බිල්ඩිමේ පඩිපෙල බැහැලා නැහැ.
හැමදාම අත්වැටේ රූට්ටලා යන එක තමයි මම කලේ.

හැබැයි ඔතන මට වඩා විසය තිබ්බ එකම එක ලමයෙක් හිටියා... කොච්චර දැගළුවත් මගේ විසය සීමා සහිත උනාට , අරයට තිබ්බ විසය නම් එහෙම එසේමෙසේ එකක් උනේ නෑ... ළමයින්ට කරදර කරනවා විතරක් නෙමෙයි , ගුරුවරුන්ට පවා මාරම වදයක් දුන්නේ...
මම දන්න තරමින් ඒ කොල්ලා වීඩියෝ ගේම්ස් ගොඩක් ගහනවා, තව ටීවි සීරිස්, මූවීස් ඇඩික් වෙන තරමට බලනවද කොහොද හැමදාම ඉස්කෝලෙට ඇවිල්ලා අත් දෙක විසි කර කර කියවනවා විතරක් නෙමෙයි බොරුවට ඒවගේ ඉන්න කැරැක්ටර්ස් වගේ වටේ ළමයින්ට වෙඩි තිය තිය යනවයි, ඒ ලමයින්ට ගහනවයි . එකම විකාරයක්. මම නම් නිකමටවත් එයා ලගින් ඉදගන්නෑ , ඒ කිව්වත් ලගින් යන්න උනත් මම ගොඩක් අකමැතියි.

නොලියූ කවිය || NONFICTIONWhere stories live. Discover now