Chapter 5 💜️

71 17 4
                                    

ලන් යුවාන් ♥️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලන් යුවාන් ♥️




.




.





.







.





"අනේ පුතේ..හොඳ දරුවා වගේ මේක ගිහින් දෙන්නකො.."

"මට බෑ.."

"මොකක්ද දරුවො..මේ එහා ගෙදරටනෙ..ගිහින් දෙන්නකො.."

"බෑහ්.."

"චූටි පුතා හිතුවක්කාර නොවී මේක ගිහින් දෙන්න.."

"මට බෑහ්..බෑ කියන්නෙ බෑහ්හ්.."

අඩියත් පොළවෙ ගහලා බෙරිහන් දීපු යීබෝ අහක බලා ගනිද්දි යීහා කම්මුලට අතක් තියාගත්තෙ කොල්ලගෙ තියෙන මුරණ්ඩු කමට..අලුතෙන් ගමට ආපු නිසා අහළ පහළ ගෙවල් වල අයට දෙන්න යීහා කෑම ටිකක් ලෑස්ති කරල තියෙද්දි යීබෝ මේ කෑගහන්නෙ එයාට අල්ලපු ගෙදරට යන්න කියන නිසා

"ඒ දරුවා ඔයාට තුවාල වෙලා ඉද්දිත් උදව් කරා..අනේ මන්දා චූටි පුතා ඔයානන්.."

"ඒ උනාට එයා ගගාට කියලනෙ මාව ගඟේ නාන්න එක්කන් යන්නෙපා කියලා.."

මූණත් ඇදකරන් යීබෝ කියද්දි යීහා යීබෝගෙ කේන්තියට හේතුව හොයාගත්තා..

"ඔන්න ඔය විකාරෙ පැත්තකට කල්ලා මේක දීලා එන්න චූටි පුතා.."

යීබෝ එක්ක කියවන් ගියොත් අනිවාර්යයෙන් අවසානෙදි යීබෝ ගුටියක් කනව කියලා දන්න නිසාම යීහා කියද්දි යීබෝ නම් හිටියෙ නෑහුනු ගාණට..

"මොකක්ද මමා මෙයා කියන්නෙ.."

"නෑ..ල්..ලොකූ..මේ.."

"බේරන්න හදන්නෙපා මමා..මං අහන් හිටියෙ..මමාට ඔච්චර සද්දෙන් කෑගහන්න පුරුදු උනේ කොහොමද චූටි ආ.."

Lavender 💜️🌸 (ZhanYi Fanfiction)Where stories live. Discover now