🤎අටවන ඇරයුම🤎

117 20 5
                                    

සව්දොදොල් එහෙම නැත්තම් වැලිතලප ගාණට කරවෙන්න නැතිවෙන්න උණු කරපු පැණි බේරෙන ඒවා හදපු ගමන් තමයි රසම......ඒකත් අඩු සීනි ඉඟුරු දාපු තේ කහට එකක් එක්ක.......

දෙන්නම හිටියෙ ඉතින් මේ අපූරු සුසංයෝගය රසවිඳින ගමන්.......මැණිකෙ ත් පැත්තකට වෙලා කොල්ලො දෙන්නා දිහා බලාගෙන හිටියා.......තමන්ගෙම මුණුපුරා නොවුනට මුලින් ම එයාව අත්තම්මෙක් කලේ ඔය සුදු මහත්තයා.......අනිත් පැත්තෙන් ආයෙම වතාවක් තමන්ව අත්තම්මාට සීමා නොකර මුළු ලෝකෙම කරගත්තු ඒ වයසක උන්දැගෙ පණ ටික.........

කොල්ලො දෙන්නම ගොඩක් ලොකු වෙලා.......තමන් එන්ඩ එන්ඩම දුර්වල වෙනවා ඇට ගැහෙනවා රැලි වැටෙනවා.......ඕක තමයි ඉතින් මනුස්ස සොබාව........හැම වෙලේම බුදු බණ අහලා විතරක් නවතින්නැතුව දහමට අනුව ක්‍රියාකරන වයසක උන්දැට ඕක නොතේරෙනවා නෙමේ......ඒත් උන්දැගෙ හිතේ කොනක පුංචි බයක් තියෙනව උන්දැ නැති දවසක උන්දැගෙ පණ ටිකට මොකක් නම් වෙයිද කියලා.......

මිනිස්සු අපි හැමදාම මේ ලෝකෙ නවතින්ඩ බලාගෙන ආපු උන් නෙවේ.......කාලෙ ආවම යන්ඩ ඕනෙ....ඒක ඉතින් කාටත් පොදුයි......ඒත් එයාලා ලෝකෙ ඉතුරු කරලා යන උන්.......උන් අසරණයි නෙ.......හැමෝම කියන කතාව ඇත්ත.......යන එකාට වඩා හැමදාම අසරණ වෙන්නෙ විදවන්නෙ උන් අතරමග දාලා යන උන්.......ඉතින් කොල්ලා තමන්ගෙම කියලා ලෝකයක් හදාගත්තු දවස වෙනකම් නාකි ගෑණිට උන්දැගෙ හුස්ම වැටුනොත් ඇති.......මොකද කාත් කවුරුත් නැතුව තනිවෙනවා මේ ලෝකෙ අතරමං වෙනවා කියන එක තරම් දුකක් තවත් නෑ........

" සුදු මහත්තයො තව වැලිතලප කෑල්ලක්......."

"අම්මෝ ඇති මැණිකෙ.......මට දැන් සීනි හැදෙනවා......ඔයාගේ ආදරේ වැඩිපුර වැටිලද කොහෙද මේකේ පැණිරහ වැඩියි....."

"කෝලං......මට අමතක උනානෙ සුදු මහත්තය පුංචි කාලෙ ඉදන් පැණි රහට එච්චර මනාපයක් නෑ කියලා......මෙහෙ ඉන්නවා එකෙක් ඒකට පැණි රහට රුසියා ......."

මැණිකෙගෙයි සුදුමහත්තයගෙයි තියෙන්නෙ පුදුම චාටු කතා අප්පා.......ඒ මදිවට පැත්තකට වෙලා තුන් වෙනි වැලිතලප කෑල්ලටත් වැඩේ දෙන අහිංසකයෙක් වත් ඇදලා ගන්නව නෙ.....කොල්ලා නම් ඇහුන් නෑ වගේ ලාවට ඇස් කොනෙන් විතරක් දෙන්නා දිහාම බලලා ආයෙම වැලිතලප කෑල්ලෙ සව් ඇට ගනින්න ගත්තා......

ආරාධනා...... (ongoing) Where stories live. Discover now