🤎විසිතුන් වන ඇරයුම🤎

61 5 6
                                    

දැන් මාස ගාණක ඉදන් ම ජනෙල් කවුළු අතරින් පෙරිලා එන රත්තරං පාට ඉර එළියෙන් නෑවිලා උදේට ඇස් අරින ලතෙත්
අද හුඟ දවසකට පස්සෙන් පහු ඇස් ඇරියෙ කාමරේ ජනෙල් වලට සවි කරලා තිබිච්ච බීරළු අතරින් හමාගෙන ආපු ආගන්තුක නොවුණු හීතල හුළඟ හින්දා.....

උදේට මෙහෙම තමයි..... කන්ද උඩරට ට වෙන්ඩ කොහොමත් හමං යන පොඩි හුළං රැල්ලක් උනත් ඇඟ කිලිපොලා ගිහින් හිරිගඬු පුප්පවන්න දස්සයි..... හතර පස් දෙනෙකුට උනත් එකපාර අතපය දිගෑරලා නිදියගන්න පුළුවන් ඇඳේ පැත්තකට ගුලි වෙලා හිටපු ලතෙත් ඇරුණු ඇස් අතරින් මුලින් ම දැකපු දේ හින්දාම මූණෙ හිනා රැල්ලක් ඇඳුනෙ ඉබේටමයි.. අද නම් ඉතින් දවසම සුබ වෙයි......

ලතෙත් ගෙ එක අතක් නම් කොල්ලා අයිතිකර ගෙන...... අත බදාගෙන තව තවත් සුදු අයියගෙ අස්සට ගුලි වෙනවා හරියට නින්දට තිත තියන්න වගේ ඇවිත් සැරින් සැරේට ඔච්චම් කරන හුළඟ ගැන සුදු අයියගෙන් එන උණුහුමට නෝක්කාඩු කියන්නා වගේ......

කොල්ලට මේ අත් දෙක අස්සට වඩා පරිස්සම් තැනක් තවත් මේ ලෝකෙ තියෙයි ද..... නින්දට බාධා නොකර සුදු අයියගෙ දිගටි ඇඟිලි හරි පරිස්සමට කොල්ලගෙ සිනිදු හිසකෙස් අතරෙ රස්තියාදු වෙන අතරෙ ඒ පිරිමි ඇස් වලට නම් කොල්ලගෙ මූණෙන් වෙන අතක් බලාගන්ඩ නිනව්වක් තිබ්බෙ නෑ......

ඉතින් දැනෙන හැඟීම් තවත් නම් පපුව ඇතුලෙ හිර කරගෙන ඉන්න බෑ කියලා හිතෙන සීමාව පැනලා තියෙද්දි සුදු අයියගෙ හැඟීම් එයාටත් නොදැනීම තවමත් තද නින්දෙ ඉන්න කොල්ලා ඉස්සරහ වචන වලට පෙරළුණා..... සරලව ම.... ඍජුවම ......

" ආයු....... මටවත් මාව නවත්ත ගන්ඩ බැරි විදිහට එන්න එන්නම මං උඹට බැදෙනවා.... තව තවත් ආදරේ කරන්න හිතෙනවා..... හිතෙනව නෙමේ .... දැනටමත් .... මං සීමාව පන්නලා දරුවො...... මං මොකක්ද කරන්න ඕනෙ.....ම්ම්..... උඹව අල්ලගෙන ළඟ තියාගන්නද..... නැත්තම් දං වැල් දාලා හරි මගෙ හිත මෙල්ල කරගෙන උඹට නිදහසේ නිස්කාංසුවෙ පෙති දිග අරින්න ඉඩ දෙන්න ද......

ඊයේ පෙරේදා පෙති දිග අරින්ඩ පටන් ගත්තු මල් පොහොට්ටුවක් උඹ...... බලෙන් පුප්පවන්න ගිහින් අඩු වයසෙන් පෙති තලලා දාන්න තරම් මට බෑ එච්චර ආත්මාර්තකාමි වෙන්න...... උඹේ අම්මා අප්පච්චි මට සාප කරයි....... ''

ආරාධනා...... (ongoing) Where stories live. Discover now