HE IS MINE | CHAPTER 1

328 24 1
                                    

✨️

එයාපෝට් එකෙන් එලියට ඇවිත් බස් එකට නගිනකොටම වගේ මම ෆෝන් එකේ එයාප්ලේන් මෝඩ් ඕෆ් කරලා දැම්මා.

එක දිගට ආපු මෙසේජ් නොටිෆිකේශන්ස් වලට අවදානය නොදීම මම ඉක්මනින් ඉන්ස්ටා වලට ලොග් වුණා.

"Guys look at here..."

ටීම් එකේ වුන් පේන විදියට කැමරාව හරවගත්තු මම කොරියන් හාට් එකක් පෙන්නන ගමන් බූම්රන්ග් එකක් ගත්තා.

# On the way to you... My Lord !

ඉතින් විනාඩියක් වත් ගත වෙන්න කලින් වීව්ස් ලක්ෂයකට එහා වැටෙනකොට මම සීට් එකක ඉඳගෙනම ෆෝන් එකට ආපු නොටිෆිකේශන්ස් බලන්න පටන් ගත්තා.

අපි එංගලන්තයට ආවේ මැච් එකකට නෙමෙයි. මේක ඇත්තටම තව මාස කීපයකින් තියන ලෝක කුසලානය වෙනුවෙන් කරන දවස් පහක පුහුණු සැසියක්. ඒ නිසා ලෝක කුසලානයට සහභාගී වෙන රටවල් හැම එකකටම ඉන්විටේශන් යවලා තිබුණා.
ඒත් කණ්ඩායම් කීපයක්ම විවිධ හේතු දක්වලා මේ සැසියට සම්බන්ධ නොවී තිබුණා.

මේ වගේ දෙයක් මට මතක ක්‍රිකට් ඉතිහාසයේ පවත්වලා තිබුණේ නැතත්, මේ පාර ICC එකේ මූලිකත්වයෙන් මේ පුහුණු සැසිය පවත්වන්න යෝජනා වෙලා තිබුණා.

ඉතින් දවස් පහක්ම එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ උදේ 9 ඉඳලා පුහුණුවීම් පවත්වන්න නියමිතව තිබුණා.

අපි මේ කෙලින්ම යන්නේ ලෝඩ්ස් ග්‍රෞන්ඩ් එකට. සැසිය පටන් ගන්නේ හෙට උදේ වුනාට අද ටීම්ස් ඔක්කොටම පොඩි වෙලාවකට වෙල්කම් පාටි එකකට සහභාගී වෙන්න තිබුණා.
ජෙට්ලැග් තිබුනත් කරන්න දෙයක් නොතිබුණේ අපිට පෙරේදා වෙනකන්ම බංග්ලාදේශ් එක්ක තිබුණු මැචස් නිසා කලින් එන්න බැරි වුණ නිසා.

ඉතින් බංග්ලාදේශය ඒ මැචස් හේතු කරගෙන සැසියට සම්බන්ධ නොවෙනකොට අපි - ශ්‍රී ලංකා ටීම් එක ඊයේ හවසම එන්න පිටත් වුණා.

මේක ගොඩක් මහන්සි වැඩක් තමයි. ශ්‍රී ලංකන් ක්‍රිකට් බෝඩ් එකෙනුත් ඒ නිසාම යන නොයන එක ගැන අපිටම තීරණයක් ගන්න ඉඩ දුන්නත්, අපි හැමෝම කතා වුණේ මහන්සිය බලන්නෙ නැතුව මේ දවස් පහ කාගෙන හිටියා නම් වර්ල්ඩ් කප් එකට මේක ලොකු උදව්වක් කියන දේ.

HE IS MINE | BL SINHALA SHORT STORY | ✔Where stories live. Discover now