HE IS MINE | CHAPTER 2

222 31 2
                                    

✨️

ඊළඟ දවසේ උදේ මම නැගිට්ටේ චමියාගෙ ඇඳ උඩින් වෙනකොට දවසම සුභ කරන ගමන් මගේ ඇස් වල ඉඳන් මුළු ඔලුවම තදින් රිදෙන්න අරන් තිබ්බා.

"කේතා නැගිට්ටද?

චමීර වොෂ් රූම් එකේ ඉඳන් ඔලුව පිහ පිහා රූම් එකට එන ගමන් ඇහුවා.

"ශානකයා උඹ ව ඊයෙ රෑ ඇහැරවන්න බුදු ගේමක් දීලා බැරිතැන යන්න ගියා.."

"ඔලුව රිදෙනව බන්.."

"අම්මටසිරි.. වොෂ් එකක් දාගනින්. අපි කාලා පැනඩෝල් දෙකක් බොමු. තව දවස් දෙකයිනේ බන්.."

මම නැගිටලා වොෂ් රූම් එකට ගිහින් මූණ පොඩ්ඩක් තෙමාගත්තා. නැගිටපු පිටින් මගේ රූම් එකට යන මගට කවුරු හරි මූනට මුලිච්චි වුනොත් උන්ට නූල් බඳින්න වෙනවා නැත්තං.

මම ෆෝන් එකත් සාක්කුවේ දාගෙන එලියට ආවේ මේ ෆ්ලෝ එකේම තියෙන මගෙයි ශානකගෙයි රූම් එකට යන්න.

"මෙන්න මෙන්න අපේ ජාතික වීරයා.."

මගේ ඉස්සරහට උදේම මුලිච්චි වුණේ කුට්ටල් රාජ් එක්ක වරුන් සක්සේනා.
උන්ට කොහොමත් අපේ ටීම් එකත් එක්ක නයි වෛරයක්නෙ තියෙන්නේ.

මතකනේ ගිය අවුරුද්දෙ අර ටීවි ශෝ එකක මුන් ටික කිව්වා, 'ශ්‍රි ලංකන් ටීම් එකත් එක්ක ප්ලේ කරන්නේ ඕෆ් සීසන් එකක් විදිහට හිතලා' කියලා. උන්ගේ කැපා මනුක් ශර්මා ටිකක් වැදගත් විදියට හිටියට ඔය ටීම් එකේම ඉන්නේ අනිත් අයව පහත් කරලා කතා කරන ඔලුව උදුම්මගත්තු පක්කු ටිකක්.

මම හිනාවක් නැති මූනෙන් දෙන්නා දිහා බලලා, ඇඳන් ඉන්න ශෝටෙ සාක්කු වලට අත්දෙක දාගන්න ගමන්ම ඉස්සරහට ඇවිදන් ගියා.

"උඹලා සිරි ලංකන් එවුන් මේකට ආවා කියලා උඹලා හිතුවද වර්ල්ඩ් කප් එකේ සෙමි වත් යන්න පුළුවන් කියලා.
ආපහු සිරි ලංකාවටම පලයල්ලා. Losers!"

මූ කොහොමත් බලන් ඉන්නේ වලියක් අල්ලන්න අනෙක් වුන් එක්ක. ඊට පස්සේ අනිත් එකා පිට වැරැද්ද පටවන්න.
ඔය ගැටේට අහු වෙන්න තරම් මං මෝඩයෙක් නෙමෙයි.

මං කට කොනකට අරගත්තූ හිනාවකින් උන් දෙන්නම දිහා බලලා ඉස්සරහට ඇවිදන් ආවා.

HE IS MINE | BL SINHALA SHORT STORY | ✔Where stories live. Discover now