Chapter 8 💜️

110 20 8
                                    

සීන්ගෙ අල්ලපු ගෙදර 🌝😴

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සීන්ගෙ අල්ලපු ගෙදර 🌝😴


.


.


.


"හලොව්.."

"ම්ම්ම්.."

"මොකක්ද අනේ හලෝ කිව්වම හලෝ කියන්නකො.."

"අදත් රණ්ඩුවක් ඇල්ලුවද ගගා එක්ක.."

මොකක්දෝ නට්ටක් හප හප ගහක් වටේ එතිලා ඉන්න යීබෝගෙන් සීන් ඇහුවෙ මල් පැළ වලට වතුර දාන ගමන්

සීන් දන්නවා කොල්ලා සතියෙ දවසකට මෙච්චර උදෙන් කඩන් පයිනවනන් ඒ කුවාන් එක්ක හරි යීහා එක්ක හරි වලියක් දාගෙන කියලා

"ඔයාට මාව ත්‍රස්තවාදියෙක් වගේද පේන්නෙ.."

සීන්ගෙ ප්‍රශ්නෙත් එක්ක ඇදවෙලා ගිය මූනෙන් යීබෝ අහද්දි සීන්ට හිනාවක් ගියා.

"අද ලෙකචර්ස් නෑ..ලෙකා ලෙඩ වෙලාලු.."

"දැන් ඔය බ්‍රෙක්ෆස්ට් අරන්ද පේර කන්නෙ.."

ටිකක් එහාට වෙන්න තිබුන පේර ගහෙන් කඩාගත්තු ගෙඩිය හපන යීබෝගෙන් සීන් අහද්දි යීබෝ නෑ කියන්න වගේ ඔලුව දෙපැත්තට වැනුවා.

"ඕක විසිකල්ලා එන්න බ්‍රෙක්ෆස්ට් ගන්න.."

"ඕන්නෑ..මං ගෙදර ගිහින් කන්නන්..ජනේලෙන් බලද්දි ලැවෙන්ඩර් මලක් දැකපු නිසා ආවේ.."

"ලැවෙන්ඩර් මලක් ? "

එයා වතුර දාපු ලැවෙන්ඩර් මල් පිරුණු පාත්තිය දිහා බලලා සීන් අහද්දි යීබෝ ඔව් කියන්න ඔලුව වැනුවා. යීබෝ කියපු කතාව සීන්ට තේරුණේ නෑ හැබැයි.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Lavender 💜️🌸 (ZhanYi Fanfiction)Where stories live. Discover now