Part 23 ❀

104 7 4
                                    

ගොඩක් ඉක්මනින් කාලෙ ගෙවිල ගියා..competition එකත් ඉවර උනා best perform එක කොහොම හරි අපි දෙන්නගේ..කලින් සිද්දියෙන් පස්සෙ ඊතන්ලගෙ මූණවත් මං බැලුවෙ නෑ..දේශිනම් හැම වෙලේම එයලා ගැන කිය කිය බැන බැන හිටියෙ මට..හරි ඉතින් යම්කිසි වරදක් උනා තමා..මතක් කර කර බනින එක අසාධාරණයි නෙ ඒත් ඉතින්..

අපි ඉන්නෙ එයාපෝර්ට් එකේ..පවිත්‍ර එනව කිව්වා අපිව එක්කන් යන්න..මොන හේතුවකටද මංදා දේශි තාම අයියලා එක්ක කතා කරේ නෑ..

" දේශීයෝ..."

" ම්ම්ම්ම්.."

" අයියලාට කතා කරන් නැද්ද.."

" දැන් ගිහින්ම කතා කරන්නම්.."

" ඉතින් ඇයි මෙච්චර දවස් කෝල් ආන්ස්වර් කරේ නැත්තේ.."

" එයාලට කියන්න ඕනි වෙලා තිබ්බ දේ මං කොහොමත් දැනන් හිටියේ.."

" ඒ මොකක්ද.."

" මුකුත් නෑ..අන්න පවිත්‍ර.."

පවිත්‍ර විතරක් නෙවෙයි නෙහස් දනුකයත් ඇවිල්ලා හිටියා..මං දූවන ගිහින් පවිත්‍රට කිස් එකක් දීලා නෙහස්ගෙ කරේ එල්ලුනා..

" අඩෝ...මගෙ වැඩ්ඩො දෙන්නා.."

" අපි කොහොමත් වැඩ්ඩො තමා හලෝ.."

" congratulation දෙන්නටම.."

" thanks මචං.."

" අහ් මගෙ එකා.."

දේශි මෙතෙන්ට එද්දි නෙහස් මාව බිමට අතෑරලා දේශිගෙ කරේ එල්ලුනා..ම්හුක් පස්සත් ඇනුනා..පව්ව් මගෙ පස්ස මේ දවස් ටිකේ සෑහෙන්න දුක් වින්දා..

" කෝ එන්න.."

පස්සත් අත ග ගා බිම හිටිය මාව දේශි අතින් අල්ලලා නැගිට්ටව්වා..

"  මොකද මේ දනුකයා මූණ එල්ලන් ඕයී.."

" අඩෝ දේශ්...මට සතුටුයි බං..."

මේ මොකද මේ දනුකයා දේශිව බදාන හයියෙන් අඩන්න ගත්තා..

" දේශ්....උ__ උබලා ගැ ම් ඉහික්...මක් තමා බං..ඉහික්..."

" ආ..අඩන් නැතුව ඉදාන්කො දැන්..ඕයී..."

" ආදරෙයි බල්ලෝ..ඉහික්.."

දනුක දේශිව බදාන ඉකි ගගහා අඩනවා..බොරුවට නෙවෙයි එයා සීරියස් අඩන්නේ..සතුටු ඇති එයාට..සතුටු නැතුවයැ ඉතින්..රටවල් ගානක කට්ටිය ගොඩාක් අතරින් අපි දෙන්නගෙ perform එකම best perform එක උනාම..college එකට ඒක කොච්චර ආඩම්බරද..

RED EYES 🐺🔞 ( hyunlix ) ✅Donde viven las historias. Descúbrelo ahora