~ II: ආයු

23 7 31
                                    

"ශෙහාන් නවත්තපන්!"

කවුද අඩේ මේ? විපතට පත් අහිංසක තරුණ ගෑනු ළමයව - වැරදුණා, තරුණ පිරිමි ළමයව බේරගන්න රාජ කුමාරයෙක් ඇවිල්ලා! සැක් මගේ ප්ලෑන කෑවා මේ මූලිකයා.

එකපාරට ශෙහානයාව මොකෙක් හරි ආපස්සට ඇදලා ගන්න කොට, කවුරු හරි මාවත් අල්ල ගත්තා. මාව අල්ල ගත්ත එකා හිටියෙත් කතා කරන ගමන්. ඒ සුමිහිරි ගැඹුරු හඩ මගේ කන ඇතුලේ කීං ගෑවා. "අරන් පලයන් චතුක සර් ගාවට. මුන්ට පොඩ්ඩක් නිදහස දුන්නම එනවා කරේ නගින්න. පොඩි පරයො ටික. උගෙ අම්මගෙ අප්පගෙ ඉස්කෝලනෙ."

මට නම් මේක අම්මගෙ අප්පගෙ ඉස්කෝල තමා අයියෙ. මාපිය දෙපළම ආදි ශිෂ්‍ය සංගමේ සාමාජිකයො. මාත් තව අවුරුදු දෙකකින් විතර ඒකෙ. කවදහරි මගෙ දරුවත් ඒකෙ... මේ අපේ පාසලයි කියන්නෙ කට කහනවට නෙවි... හුම්ම්.

"එතකොට ඔය පොඩි එකා?"

ආ ආ අයියෙ මේ... මං අහිංසක පුංචි ළමයෙක් හරිතෙ. මලකට රිදවන්න බැරි නිසා පැණි නොබී යන ගුණයහපත් බඹරෙක් මම... සකබමරෙ වගේ වටේටම රේඩාර් එක දැම්මට.

"උගේ වැරැද්දක් නෑනෙ. ශෙහානයා පාඩුවේ පන්තියෙ හිටපු එකාව උස්සගෙන ආවෙ."

ආන්න දැක්කද... ආන්න දැක්කද... මේ රාජ කුමාරයට විතරයි මාව තේරුණේ. ඒකනේ මාව බේරගන්නත් ආවේ. හිතුවෙ රගපෑමට කෙළ වුණා කියලා. ඒත් වැඩේ මෙහෙමම ගොඩ දාන්න පුළුවන් වගේ.

"එහෙනම් නළවලා සනසලා ආය පන්තියට ඇරලවපන්. චතුක සර් ඇහුවම මං ඒකම කියන්නම්."

"මං එක්කන් එන්නම්. ඕකව අරන් යමන්."

ඒ මොන කෙහෙල්මලක්ද කිව්වෙ? මූ මට අවස්ථාවෙන් උදව් උපකාර ගන්න දෙන්නැති වෙයිද මන්දා.

ටැප් එක ගාවට යනකල් මං මේක ලිහාගන්න දැගලුවා. මේ යකා ආවේ මාව ශෙහාන්ගෙන් බේරගෙන, අපි දෙන්නව චතුක සර් ගාවට අරන් යන්න ද? මෙදා පාර නම් උඹ ඉවරෙට ඉවරයි පුතෝ.

චතුක කියන්නේ අපේ ඉස්කෝලෙ ඉන්න සැරම සර් කිව්වත් වැරදි නෑ. කළුම කළු, උස මහත මේ උතුමාණෝ, ප්‍රින්සිපල් උතුමා වෙනුවට වේවැල අතේ තියාගෙන ඉස්කෝලෙ වටේ යනවා. වලිවලට එහෙම මිනිහගෙන් පොඩිම සමාවක්වත් නෑ. ඔය වේවැලෙන් අත පය ඉදිමෙන්න ගුටිකාපු වලි කාපරයෙක් හැටියට වගකීමෙන් කියන්නේ... සත්තයි.

අකලංක (Boy x Boy)Where stories live. Discover now