49

748 158 246
                                    

දවස් සති ගෙවී ගිහින් දැන් අපේ පුංචි පැටව් දෙන්නාට දස මසක්ම පිරෙනවා.

මේ මොහොතේ දෙන්නම හිටියේ බටහිර කැළයේ පිහිටා තියෙන ලස්සන දියඇල්ලේ බැහැලා ස්නානය කරමින්. හැබැයි ඒ එයාලගෙ අප්පාත් එක්ක.

දියේ බැහැලා ඉන්න අප්පාගෙ අත්දෙකේ හිටපු පැටව් දෙන්නා සතුටින් කෑගැහමින් උඩපනිමින් හිටියා.

"හෝව් හෝව් දෙන්නවම වැටෙයි හරිද? දඟලන්න එපා."

ටේහ්‍යුන් කිව්වේ පැටව් දෙන්නව සමබර කරගෙන ඉන්න උත්සාහ කරමින්. ඒත් පැටව් දෙන්නා නම් තරඟෙට එයාලගෙ භාෂාවෙන් මොනවාදෝ හෝ ගාලා කියවමින් වතුර තුළ තියෙන පුංචි කකුල් වේගෙන් ගැහුවා.

මේ අතරේ තමයි ජන්ග්කුක් මාළිගයෙ ඉඳන් පැටව් දෙන්නගෙ ඇඳුමුත් අරගෙන ආවේ.

"මොම්~ මො...මා!"

එයාලගෙ ඔම්මව දැකලා පැටව් දෙන්නට හරි හිනා. ජන්ග්කුක් පැටව් දෙන්නට අත වනා එයත් ඉක්මනින් එයාගෙ ඇල්ෆා ගාවට එකතු වුනා.

"ඕ~ එන්න මගෙ පැටව් දෙන්නා මොම්මා ගාවට~"

ජන්ග්කුක් කිව්වා විතරයි පැටව් දෙන්නා පැන්නෙ ජන්ග්කුක් ගාවට.

"හරි එහෙනම් දැන් ඔයා බලාගන්න."

පැටව් දෙන්නව ජන්ග්කුක්ට බාර කරලා සතුටින් කිව්ව ටේහ්‍යුන් වටේම පීනන්න ගත්තම ජන්ග්කුක් මූන හකුළ ගත්තා.

"කියන්නෙ නම් තව පැටව් හදමු කියලා." ජන්ග්කුක් දිගටම රවමින් කිව්වම ටේහ්‍යුන් එයා ඉස්සරහින් වතුරෙන් මතු වුනේ පැටව් දෙන්නා ගිරියටින් කෑගහද්දි. ටේහ්‍යුන් එයාගෙ බොක්සි හිනාවෙන් හිනාවෙලා ඊළඟට ඔමේගාගෙ තොල් වලට හාදුවක් දුන්නා.

"තාම මං බලන් ඉන්නෙ ඔයා හා කියනකන්, තව පැටව් හදන්න."

ටේහ්‍යුන් කියලා ආයෙත් දියේ ගිලුනම ජන්ග්කුක් ඇස් රෝල් කරා. පැටව් දෙන්නා නම් වතුරට නැමෙන්න උපරිම උත්සාහ කරමින් දැඟලුවා.

"පා~ පා!"

ටේජන් හයියෙන් කෑගැහුවේ පීනමින් ඉන්න එයාගෙ අප්පා දිහාවට අත දිගු කරලා ඇදෙමින්.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now