24

19 5 2
                                    

"විනෝද්‍ය...!"

"මොකද?????"

ඔන්න ඉතිං සක බබරේ වගේ හැරි හැරි මාව හොයනවා... අනික කොච්චරවත් විනෝද්‍ය.. විනූ... නෙෂූ... සුදූ.. යැයි යැයි... මං නැත්තං කොරයි මේ යකා.. බලන්නකො ඉතිං තාම හොයනවනෙ මේ මෙච්චර පේන මාව... හැබැයි මම ළඟ නැති වෙලා මෙහෙම හොයන වෙලාවට බලන්න එපෙයි මෙයාගෙ මූණ.. පොඩි කල්ලා කල්ලා හපලා රතූ කරන්න හිතෙනවා... අනේ... මගෙනෙ ඉතිං... වෙන කාගෙවත්යැ...

අයියූ තව හොයනවානෙ...

"උඩ අනේ මම මේ ගහ උඩ ඒයි..!"

හී... ඇසුත් ලොකු කරං මං දිහා බලපු ලස්සන... ඇස්වහක්‍ වදින්න එපා මගෙ සුදුමහත්තයට... 'බැහැපිය ගහෙන්' කියන්න වගේ එකපාරම මං දිහා බයවෙලාම බලපු ඉෂාන්‍ය අයියට මම මේ කොට්ටම්බා ගහේ ඉඳංම මෝඩ එකෙන් වැම්පි හිනාවක් දැම්මා... ගහට නැග්ගෙ කොහොමද අහන්න එපා.. එක දිග කතාවක්.. ඇත්තම කිව්වොත් නගින එක අවුලක් වුනේම නෑ.. ඒත් බැහැගන්නනෙ බැරි.. ගහේ ඉඳං වස් කැපෙන සිංදුවක් කිව්වාය කියලා මාත් එක්ක හවුලට ආව ජෙෆා ගහට නගින්න ගත්ත ඉනිමඟ උස්සං ගියා... දැං බහින්න බැරුව මේ අඩි අටක් විතර ගහේම ඉඳං සිරි නරඹන ගමන් මම හිටියෙ.. ඒ අස්සෙ මාව හොයන් මට අරක් ගත්ත දේවතාවො වැඩ්ඩා... ඉෂාන්‍ය බොසා... හැෂ්ටැග් ඉෂාන්‍ය ද හීරෝ.. ඔන්න දැං සුපර්මෑන් වගේ.. නෑ ඒක සෙට් නෑ... ඩීසී අය අඳින්නෙම යටට අදින්න ඕනි එක උඩින්නෙ... මේක හරියන්නෙ නෑ.. ඒ නිසා සම්තිං ලයික් අයන් මෑන් ඊස් බෙට... ඔන්න තව ටිකකින් අර නැනෝ ඇඳුම ඇඟට සෙට් වෙලා මෙතන ඩෙඟා නටනවා... ඕ.. මට පෙනී යනවා ඉෂාන්‍ය අයියා මා වෙනුවෙන් දිව ගොස් තඩි ඉනිමගක්? ආපෝ නෑ.. ඩෙස් එකක් උස්සන් එනවා...

"තමුසෙත් එන්නද හදන්නෙ? ඒක හරියන්නෙ නෑ.. ඉඩ නෑ මෙතන.. මම මේ මගේ සුකුමාල පස්ස තියං ඉන්නෙත් අමාරුවෙං..."

ඉෂාන්‍ය අයියා මොකුත් නොකියම එහෙම්මම අර ඩෙස් එක ගහ යටිං තියලා මට බහින්න කියන්න වගේ උඩ බැලුවා.. කෝ ඉතිං මේ අයන් මෑන් කතා කරන්නෙ නෑනෙ...

"ඕ මයි ගුඩ්නස්.. ඔයා ආවෙ මාව බේරගන්නත මෙයා.. ඔයා නේත මගෙ අයන් මෑන්? නැත්තං ඔයා මගෙ ජැක් වෙනවත? ජෑක් කම් බෑක්~"

කෝමා 🫀 <<completed>>Where stories live. Discover now