Chapter 16

223 53 7
                                    

කාලය ටික ටික ගෙවිලා ගියේ ජන්ග්කුක්ගේ එක්සෑම් ඩේට් වලට ලන් කරලයි..එක්සෑම් එකට තව මාසයක් වගේ තියෙන නිසා ජන්ග්කුක් මේ පාර හොදට පාඩම් කරා...පාඩම් කරා නෙමෙයි ටේහ්‍යුන් පාඩම් කෙරෙව්වා...ටේහ්‍යුන්ටත් එක්සෑම් කිට්ටු නිසා ඉස්කෝලේ එයා වැඩිය ගියේ නෑ..ප්‍රිෆෙක්ට් නිසා ඉස්කෝලේ විශෙෂ දවස්වලදි ගියොත් හැරෙන්න එයාට යන්න උනේම නෑ..ඒ නිසාම ජීහ්‍යුන්ටවත් ටේහ්‍යුන්වවත් ජන්ග්කුක්වත් හම්බුවෙන්න උනේ නෑ..මොකද ජීහ්‍යුන් ආයි ප්‍රශ්නයක් දාගනිවි කියන බයට එයාගේ තාත්තා හැමතැනටම ගාර්ඩ් එක දාලයි තිබ්බේ..

ජීහ්‍යුන්ගේ පැත්තෙන් තත්ත්වෙ සාමකාමී උනත් ජන්ග්කුක්ගේ පැත්තෙන් නම් තනිකරම තිබ්බේ යුද්ධයක්...මොකද එක්සෑම් එක මදිවට ජන්ග්කුක්ට ටේහ්‍යුන්ව පරිස්සම් කරන්නත් වෙලානේ..කිව්ව විදියටම රදීශා ටේහ්‍යුන්ලගේ ගෙදර නතර වෙන්න හැදුවත් ජන්ග්කුක් අම්මව අවුස්සලා රදීශාව එයාලගේ ගෙදර නවත්ත ගත්තේ ටේහ්‍යුන්ලගේ ගෙදර ඉඩ නෑ කියලා අම්මාගේ ඔලුවට දාහක් දේවල් දාලයි..ජන්ග්කුක්ගේ අම්මාටත් ඉතින් දුවලා නැති නිසා එයත් ඒ වැඩේට එක පයින් කැමති වෙනකොට ජන්ග්කුක්ගේ ඔලුවේ මල් පිපිලා තිබ්බේ...රදීශා ජන්ග්කුක්ගේ ගෙදර ඉන්නකොට ජන්ග්කුක් වැඩි හරියක් ඉන්නේ ටේහ්‍යුන්ගේ ගෙදර...මොනවා උනත් තාමත් ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ ගෙදර රෑ නතර වෙලා නෑ...ජන්ග්කුක්ගේ තාත්තා කීයට හරි එයාව ගන්න එනවා..නැත්තම් ඩ්‍රයිවර්ව හරි එවනවා..

කොහොම හරි ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ ගෙදර කාලය ගත කරත් පාඩම් අහගන්න කියලා එකපාරටම රදීශත් එහෙට කඩා පාත් උනාම ජන්ග්කුක් ඉන්නේ මුලු මූනම රතු කරන්..ටේහ්‍යුන් මුල් කාලේ ජන්ග්කුක් රදීශාට කැමති නිසා එහේ නවත්‍ත ගත්තා කියලා හිතුනත් රදීශා එයා ලගට එන හැම වෙලේම මුන රතු කරන් හොරෙන් කුටු කුටු ගාන ජන්ග්කුක් දැක්කාම ටේහ්‍යුන්ට ජන්ග්කුක්ගේ හැගීම් ප්‍රශ්නයක් උනා..ඇත්තටම එයාට හිතාගන්න බෑ ජන්ග්කුක්ට ඔච්චරටම කේන්ති යන්නේ ටේහ්‍යුන් රදීශා ලගට එන එකටද රදීශා ටේහ්‍යුන් ලගට යන එකටද කියලා..

කොහොම හරි මොකකට හරි ජන්ග්කුක්ට කේන්තියි...!!

ටේහ්‍යුන් අහගෙන දවසක් ජන්ග්කුක් යූන්ගි එක්ක කියනවා හූනියමක් කරන්න ඕන කියලා...යූන්ගිටත් ජන්ග්කුක් කියන මගුල් නොතේරුනාට එයත් ෆුල් සපෝර්ට් එක ජන්ග්කුක්ට දෙනවා...හූනියමක් කරමු කිව්වාම හූනියම කියන්නේ මොකක්ද කියලවත් නොදන්න යූන්ගියත් " හා හා කරමු...දන්කු කියනවා නම් ඕන එකක් " කියනවා ටේහ්‍යුන් අහගෙන හිටියේ ඇසුත් ලොකු කරන්..‍ඒ අස්සේ ජෙනීත් ජන්ග්කුක්ගේ දගවැඩ වලට උල්පන්දම් දෙනවා..ටේහ්‍යුන්ට පුදුමයි...ජෙනී යූන්ගි කියන්නේ ලේසියෙන් යාලුවෝ ඇති කරගන්න අය නෙමෙයි උනාට ජන්ග්කුක් කියන්නේ ඒ දෙන්නාගේ හොදම යාලුවා වෙලා...ජිමින් දැන් කැලේ...යූන්ගියා කොටින්ම චූ බරක් ආවත් එක්කන් යන්නේ ජන්ග්කුක්ව...ජෙනී උනත් හැමදේම ජන්ග්කුක් එක්ක කියනවා..ටේහ්‍යුන් එක්ක කතා නොකරන සමහර දේවල් පවා ජන්ග්කුක් එක්ක ජෙනී කතා කරනවා...ඉතින් ජෙනීගේ හුගක් ප්‍රශ්න විසදන්නේ ජන්ග්කුක්...දැන් කිම් ෆැමිලි එකට ජන්ග්කුක් කියන්නේ එයාලගෙම කෙනෙක් වෙලා ටේහ්‍යුන් පිට එකා වෙලා තියෙන්නේ...ජන්ග්කුක් ගානක් වරද්දලා ජන්ග්කුක්ට පොඩි පාරක් දුන්නත් ඇති ගෙදර ඔක්කොම එකතු වෙලා ටේහ්‍යුන්ට බනින්න...මිස්ටර් කිම් උනත් ජන්ග්කුක්ට හරි ආදරෙයි...පිටට ජන්ග්කුක් කොහොම මැරයා උනත් එයා ආදරේ කරන අය වෙනුවෙන් ජන්ග්කුක් තනිකරම හුරතල් බෝලයක් !!

You Are MY ENEMY || TK Where stories live. Discover now