51

816 163 93
                                    

තෙමසකට පසු



"මම, හන්ගුක් අධිරාජ්‍යයේ හත් වන කිම් අධිරජු, ඉතාම අවාසනාවන්ත අධිරාජ්‍යයෙක්.

වෛරයෙන් පිරුණු සමාජයක දෛවය මගෙ මේට් බවට පත් කලෙත් වෛරයට පාත්‍ර වුනු, අධිරාජ්‍යටම කැළලක් වූ තහනම් ජීවි කොට්ටාසයකට අයත්, දෙමුහුම් ඔමේගාවෙක්ව.

මං උත්සාහ කලේ ඒ වෛරය සංසිඳවන්න. මගෙ ඔමේගා මගෙන් ඉල්ලූ ආකාරයට රටවැසියන්ව අමනාප කර නොගෙන සාමයේ මාවත විවර කරන්නයි මං හැමවිටම උත්සාහ කලේ.

ඕන වුනා යහපත් අධිරාජ්‍යයෙකු වෙන්න, මගෙ රටවැසියන් වෙනුවෙන් සේවය කරන්න, සාමය ඇති කර අහිංසක ජීවිත විනාශ වන එක වළක්වන්න. ඒ වගේම,

මගෙ මෑණියන්ට හොඳ පුතකු වෙන්න, මගෙ ඔමේගාට අදරණීය ඇල්ෆාවෙකු වෙන්න, මගෙ පැටවුන්ට හොඳ පියෙක් වෙන්න. ඒත්,

ඒ සියල්ල එක් මොහොතකින් විනාශ වී ගියා.

ඉතින් මං අසාර්ථක අධිරජකු නොවෙයිද? අසාර්ථක පුතකු, ඇල්ෆාවෙකු,

අසාර්ථක පියෙකු නොවෙයිද?

මට හුඟක් වෙහෙසයි, මේ වෘක වැම්පයර් වෛරය මාව තදින් වෙහෙසට පත් කරා. ඒ වෛරය මගෙ අහිංසක පුතුගෙ ජීවිතය බිලි ගත්තා. මට දැන්, මගෙ ඉතුරු වී ඉන්න දරු පැටියවවත් රැකගන්න ඕන.

අද දින මම මේ ප්‍රකාශ කරනුයේ අධිරාජ්‍යයෙකු ලෙස මම අවසාන වරට නිකුත් කරන ආඥාවයි.

මා විසින් රජකම මෙතැන් පටන් අත්හරිමි. මගෙන් පසු කිරුළ යුවරජ වන කිම් යොන්ජුන් වන මගේ සොහොයුරාට හිමි වනු ඇති. මගේ සියලුම රාජකීය බලතල මම මගෙ සොයුරාට මෙම ආඥාව මඟින් පවරමි. අට වන කිම් අධිරජු ලෙස ඔහු ඉදිරියේදි මෙම අධිරාජ්‍ය භාර ගනු ඇති.

රටවැසියනි,
මගෙන් සිදු වූ වැරදි වලට කරුණාකර සමාවෙන්න. වෘක වැම්පයර් වෛරය නවත්වන්න උත්සාහ කලාට සමාවෙන්න, මම ඔබ සැමගේ බලාපොරොත්තු සුන් කරමින් මගෙ දෙමුහුම් ඔමේගාට සෙනෙහස දැක්වූවාට සමාව දෙන්න, හමු වූ විගස ඔහුව විනාශ නොකලාට, ඔහුව මාළිගයට ගෙන්වා ගත්තට, ඔහුව ඔබලාගෙන් පරිස්සම් කර ඔබලට රිද්දුවට, මගෙ පැටවුන් පවා දෙමුහුම් ජීවීන් වීම පිළිබඳව කරුණාකර මේ අධිරජුට සමාව දෙන්න.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now