Comment goal 70
ටේහියුන් යුන්ගිගෙ අත්දෙක ගසලා දාලා ඉකි ගහනගමන් රූම් එකෙන් එලියට දුවගෙන ආවෙ යුන්ගි ටේහියුන් දිහා අනුකම්පාවෙන් බලාගෙන ඉද්දි. යුන්ගිට ටේහියුන් ගැන කොච්චර අනුකම්පාවක් දැනුනත් එයාට තේරුන් නෑ මේ ප්රශ්නෙට මූනදෙන්න ඕන වෙන විදිහක්. මේක එයාගෙ පුතා ගැන ප්රශ්නයක්.... යුන්ගි විතරක් නෙමෙයි ඕනම තාත්තා කෙනෙක් තමන්ගෙ දරුවා හා සම්බන්දව ඇතිවෙන ගැටලු වලදි ආත්මාර්තකාමියි. ඒ නිසා යුන්ගිටත් මේ අවස්තාවේදී ටේහියුන් ගැන කොච්චර අනුකම්පාවක් දැනුනත් එයා පැත්තෙන් හිතලා තීරනයක් ගන්න අමාරුයි.
ටේහියුන්ට හිතුනේ එයාගෙ හදවත වේදනාවටම පැලිලා යයි කියලා... එයා රූම් එකට ගිහින් දොර වහලා දාලා ඒ වැහුනු දොරට හේත්තු වෙලා ඉකි ගහන ගමන් දොර දිගේ රූටලා බිම ඉදගත්තේ තවත් කෙලින් හිටගෙන ඉන්න තරම් ශක්තියක් ඒ කකුල් වලට නැතිවෙනකොට.
" ම්- මට බෑ..... මම කොහොමද මගේ කුකීගෙන් වෙන් වෙන්නෙ. ඇයි!! ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නෙ. මට මේ තරම් දඩුවම් දෙන්න මම මොකක්ද කරපු වැරැද්ද "
ටේහියුන්ගෙ හදවත වේදනාවෙන් කෑ ගැහුවා..
" යුන්ගි හියුන් කොහොමද මෙච්චර නපුරු වෙන්නෙ.... ඇයි හැමෝම මේ තරම් ආත්මාර්ථකාමී.... "
ටේහියුන් තමන්ගෙ කකුල් වලට වාරු දීලා නැගිටින්න හදනකොට එයාව ආපහු කකුල් පන නැතුව බිම ඇදගෙන වැටුනා.
"මාව එයාට ගැලපෙන් නැද්ද?.... යු- යුන්ගි හියුන් කියනවා වගේ එයා තාම පොඩි නිසා මට ආදරේ කරන්නෙ නොදැනුවත්කමටද? "
ටේහියුන් එයාගෙ වේදනා දෙන පපුව අත් දෙකෙන්ම අල්ලගෙන ඇස් පියාගත්තා. එයාට හිතුනේ හදවතින් දැනෙන වේදනාවටම මැරිලා යයි කියලා.
YOU ARE READING
Broken Doll (Taekook)
Fanfictionලුක් ඇට් මයි ප්රිටී , ජිමින් හියුන් දැනගත්තොත් මොනව වෙයිද එයාගෙ මේ ලස්සන බෝනික්කා පිටතින් මෙහෙම ලස්සනට හිටියට ඇතුලින් බිදිලා ගිහිල්ලා කියලා~ මයි බ්රෝකන් ඩෝල් කට වහපන් ජන්කුක් උබ එක වචනයක් හරි හියුන්ට කියලා තිබ්බොත් මම උබව මරනවා