ජූවොන් උදේ අට වෙනකල්ම නින්දගියෙ ඊයෙ රෑ එලි වෙනකල් සැරෙන් සැරේ සුගාගෙ උණ එක්ක ඔට්ටුවෙලා. කෙල්ල නැගිටිද්දිත් සුගාට තාම සිහිය ඇවිත් තිබ්බෙ නෑ. කෙල්ලහෙ හිත සුගාව හොස්පිටල් එක්කන් යන්න කිව්වත් ආයෙ අනික් අතට හිතන්න ගත්තෙ ඊයෙ එයාව මරන්න ආව මිනිස්සු ආයෙම සුගාට කරදර කළොත් කියල. ඒත් ජූවොන් දන්නව නම්? අපි ඒ ගැන දැන්ම කතා නොකර ඉමු! ජූවොන් නැගිටල සුගා දිහා බැලුව හොඳටම ඇඟ රස්නෙයි. බෙහෙත් ටිකක් ඉන්ජෙක්ට් කරල ශීට් එකත් හොඳට පොරවල කෙල්ල ගියෙ වොශ් එකක් දාන් එන්න. එහෙම්ම ඇවිත් උයන්න කිචන් එකට වෙලා එලෝලු කපද්දි කාමරේ දිහයින් කෙල්ලට ඇහුනෙ බඩු පෙරලන සද්දයක්...
එයා නැගිටලද?
කෙල්ල ඉක්මනට දුවගෙන කාමරේට යද්දි සුගා නැගිටල අමාරුවෙන් ඇඳෙන් බහින්න දඟලනව. ඒ ඩිංගට කොල්ලට දාඩියත් දාල. කෙල්ලව දැක්ක ගමන් සුගා අමාරු පිට උනත් මහ දරුනු බැල්මක් දැම්මෙ කෙල්ලට කෙළ ගිලෙද්දි.
මට ඔරවන්නෙපා. මං තමයි ඊයෙ ඔයාව බේරගත්තෙ. මං ජූවොන් ඔයාව මුණගැසීම සතුටක්
කෙල්ල සුගාව අමාරුවෙන් ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු කරල කියෝගෙන කියෝගෙන ගියා. සුගා හොඳට අහන් ඉඳියෙ කෙල්ල බොරු කියනවද ඇත්ත කියනවද කියල කල්පනා කරන ගමන්. කෙල්ල හිනාවෙද්දි පුංචි වෙන ඇස්. කතා කරද්දි හෙලවෙන රෝස තොල් වලට කොල්ලගෙ අවධානෙ යනවත් එක්කම කොල්ල ඉක්මනට අහක බලාගත්තා.
මාව බේරගත්ත හේතුව මොකද්ද?
මං ඩොක්ට කෙනෙක් ඉතින් මට බෑ මැරෙන්න වැටිල ඉන්න මනුස්සයෙක් දාල එන්න
මේ-මට ඔයා කවුද කියනවද?
මනුස්සයෙක්. තුවාල හොඳවෙන්න කොච්චර කල් යයිද?
අපෝ ලොකුකම, ඔය තුවාල අඩු වෙන්නම සතියක්වත් යයි. මට බෙහෙත් කරන්න පුළුවන් ඔයාට
ඊයෙ බේරගත්තට ගොඩාක් ස්තූතී මිස්-?