Chapter 34

464 62 16
                                    


අලි මදිවට කොටි කියලා රොනිකා මදිවට බේබිගෙ ඔම්මත් බංගලාවෙ නතර වෙද්දි දවසින් දවස මට ජීවත් වෙන එක පවා එපා වුනා.

ඔම්මට ඕන වුනේ මාව බේබිගෙන් ඈත් කරන්න වගේම රොනිකත් පැත්තක ඉදන් එ හැම දේටම උල්පන්දම් දුන්නා. කොටින්ම මම සතුටින් හිටියා නම් සතුටින් හිටියෙ මගෙ බේබි මා ගාව ඉන්නකොට විතරක් වෙද්දි අනික් වෙලාවට මට බංගලාව දාලා හිස හැරුනු අතෙ යන්න හිතුනා. ඒත් මම මගෙ බේබි වෙනුවෙන් ඉවසලා බංගලාවෙ ජීවත් වුනා.

" ජිමින්!! ඇයි වස්තුව මේ?"

"........"

මම හිටියෙ මගෙ ගෙදර ඇඳ කෙලවරක ගුලි වෙලා අඩන ගමන්. බේබි එද්දි මම බංගලාවෙ නැති හින්දා මාව හොයාගෙන මෙහාට ඇවිත්.

" මමී බැන්නද? මොකද උනෙ?"

"......."

බේබිට අද සිද්ද වෙච්ච දේ ගැන කියලත් බෑ නොකියත් බෑ.

" කියන්න වස්තුව ඇයි මේ අඩන්නෙ.?"

බේබි මට ලං වෙලා මගෙ ඔලුව අත ගානකොට මම බේබිගෙ බෙල්ලෙ එල්ලිලා මහ හයියෙන්ම ඇඩුවා. මට මේ ගැන බේබිට කියන්න ඕන. ඒත් කොහොමද. මට මැරෙන්න හිතෙනවා.

" ම මට බයයී...."

" ඇයි මගෙ වස්තුව බය..? බේබි ඉන්නවනෙ ලඟින්. ඇයි බය?"

" බ් බේබී"

" වස්තුව?"

මම මගෙ ශර්ට් එකේ බොත්තම් දෙක තුනක් පන්නලා ශර්ට් එක උරහිසෙන් පැන්නුවා. බේබි මම කරන දේ දිහා නිශ්ශබ්දව බලාගෙන හිටියා.

" වට්?? මොකක්ද මෙ? කවුද? ජිමින්!!! කතා කරන්න කවුද ඒ?"

"......"

මම බලාපොරොත්තු වුන විදිහටම බේබි කලබල වෙද්දි ඒ ඇස් රතු වෙලා දත් ඇඳි එකිනෙක තද වුනා.

" මගෙ යකා අවුස්සගන්නැතුව කතා කරපන් ජිමින් මොකාද ඒ. මොකා උනත් මම ඒකව පන පිටින් තියන්නැ"

බේබි කොයි තරම් ප්‍රශ්න ඇහුවත් මට කරගන්න පුලුවන් වුනේ අඩන එක විතරක් වෙද්දි මගෙන් උත්තර නැති නිසාදෝ බේබි අත මිටි කරලා බිත්තියට ගැහුවා.

" මගෙ වස්තුව අඩන එක නවත්තලා සිද්ද වුන දේ කියන්න මට. බේබිට කියන්න අද මොකද වුනෙ කියලා. මොකාද ඒ?"

Daddy's Naughty Boy  | yoonmin 🔞 | (Completed)Where stories live. Discover now