52

800 163 138
                                    

"මොකක්ද?"

ජන්ග්කුක් පුදුමයෙන් ඇහුවේ හේජින්ගෙන්.

"ඔව්~ මං හොඳටම දැක්කා එයා ඔයාලා දෙන්නා දිහා හොරෙන් බලා ඉන්න විදිහ. කැරට් කරත්තෙත් පැත්තක."

හේජින් කිව්වේ අද උදෑසනම එයා දැක්ක සිදු වීම. ජන්ග්කුක්ගේ නිවසට අල්ලපු නිවස නිසා හේජින්ට ජන්ග්කුක්ගේ නිවසේ සිදුවන දේවල් පිළිබඳ හොඳ හෝදිසියෙන් ඉන්න පුළුවන්, ජන්ග්කුක් ඒකට ටිකක් අකමැති වුනත්.

"ඔ-ඔහ් එහෙමද."

ජන්ග්කුක් යන්තම් මදහසක් නගා කිව්වෙ එච්චරයි. එයාගෙ ඇල්ෆාගෙ හැසිරීම් ගැන සිතන්න දැන් ජන්ග්කුක් කාලය වැයකලේ නෑ.

මේ ගෙවුනු වසර තුළ ටේහ්‍යුන්ව යථා තත්ත්වෙට ගෙනෙන්න කළ හැකි සෑම දෙයක්ම ජන්ග්කුක් කර අවසන්.

දැන් එයා ඒ සියල්ලම අත්හැර ටේහි ගැන පමණක් සැළකිලිමත් වුනා.

ඉතින් අද උදෑසන සිදු වූ දේ ගැන එයා එතරම් තැකුවෙ නෑ.

* * * * * * * *

ආයුධ කර්මාන්තශාලාව තුළ අද දවසෙත් සුපුරුදු පරිදි ආයුධ නිපදවීම අඛණ්ඩව සිදුවෙමින් පැවතුනා.

ටේහ්‍යුන් එයාගෙ සගයන් සමඟ ආයුධ නිපදවීමට අදාළ ක්‍රියාවලිය තුළ දැඩිව මහන්සි වෙමින් හිටියා.

යකඩ, වානෙ උණු කරන කල්දේරමට විශේෂයෙන් යොදවා තිබුනේ ඇල්ෆා කම්කරුවන්. ඊටවඩා ටේහ්‍යුන්ගේ තිබූ ශක්තිමත්බව නිසා ටේහ්‍යුන්ව සියලු කාර්යන් සඳහා යොදවා තිබුනා.

"හරියට කරනවලා! කිසිම අඩුපාඩුවක් මේ ආයුධ වල තියෙන්න බෑ. එක හරි පළුද්දක් තිබුනොත් උබලගෙ රස්සාවත් ඉවරයි."

වැඩ අධීක්ෂණයට යොදවා තිබූ නිළධාරීන් නිරන්තරයෙන් කම්කරුවන්ට කෑගසමින් වැඩගත්තා.

හවස් යාමයට ආසන්න වෙද්දි සුපුරුදු පරිදි නිපදවූ අවි ලී පෙට්ටි වලට ඇසිරීම සිදුවුනා.

"හන්ගුක් වල අපේ ප්‍රාන්තෙ විතරද අවි නිපදවන්නෙ?"

"නෑ, ප්‍රධාන කර්මාන්තශාලාව මේක. තව අලුත් අවි කර්මාන්තශාලා අනෙක් ප්‍රාන්ත වල හදලා කියලා ආරංචි තියෙනවා."

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now