Part 16 ( Blast 💥)

252 17 7
                                    

හරියටම වෙලාව හවස 5 යි..ජොන්කුක් වගේම මැදි වයසෙ පුද්ගලයා මූනට මූන බලාගෙන හිටියෙ..ජේකේගෙ හිතේ මේ මනුස්සයා ගැන පොඩි නොරිස්සුනු හැගීමක් තිබුනෙ..නිහඩතාවය බිදින්න ඕන නිසා ඒ මනුස්සය කතා කරා..

."ඉතින් JK මන් කිව්ව දේ ඇත්ත නේද?"

Jk"තමුසෙ කොහොමද ඒව දන්නෙ..අනික..ඇයි මටම ඇවිල්ල කිව්වෙ?"

කොල්ල මෙච්චර වෙලා හිතේ තිබ්බ ප්‍රශ්නෙ කෙලින්ම ඇහුවෙ..වහින් ඔරෝ කතා කරන එක JK ගෙ පුරුද්ද නොවුන හින්දා..

."හ්ම්ම්..මගෙ නම Kim boram..ඒ වගේම ඔය kp කියන්නෙ මගෙ ලොකුම හතුරා..Kp කලින් දුවල දෙන්නෙක් හිටියා..එක්කෙනෙක් සන් හේ අනිත් එක්කෙනා...

.............................. යුන් රේ.."

එහෙම කියපු ඒ කෙනා බිම බලාගත්තෙ ඇස් වලින් කදුලු වැටෙන්න ඔන්න මෙන්න තිබුන නිසා.

."යුන් රේ..කියන කෙනා තමා වැඩිමල් කෙනා උනේ.එයා ගොඩක් කරුනාවන්ත අහින්සක වගේම ලස්සන ගෑනු ලමයෙක්..අවුරුදු 10 කට කලින් යුන් රේ කියන කෙනා කොල්ලෙක් එක්ක සම්භන්දයක් ඇති කරගත්තා..ඒ එයාලගෙ පවුලට වඩා ගොඩක් දුප්පත් පවුලක කොල්ලෙක්..Kp මේක දැනගත්තා ගොඩක් ඉක්මනට..ඔය KP කියන පරයා..තමන්ගෙ පවුලටත් වඩා හිතන්නෙ තමන්ගෙ නම්බුව ගැන..ඒක හින්දම..තමන්ගෙම දුව උන යුන් රේ කියන අහින්සක කෙල්ලව කාර් ඇක්සිඩන්ට් එකකින් මරල දැම්මා..ඩ්‍රයිවර් ව වෙනස් කරල හිතලම ඒක කරවල අන්තිමට ඒක ඇක්සිඩන්ට් එකක් විදියට කනපිට ගැහුවා..ඒකෙන් උන ශොක් එකට..යුන් රේට ආදරේ කරපු කොල්ල හරියට කැමක් වත් නැතුව ඔහේ බලාගත්ත අත බලාගෙන හිටියා..ඊට පස්සෙ ඒ දෙන්නගෙ ආදරේට උදව් කරපු කොල්ලගෙ අජුශ්ශී (මාමා) ඒ කොල්ලව එහෙන් ගොඩක් ඈතට යැව්වා.එයාගෙ ජීවිතේ ආරක්ශා කරන්න ඕනෙ නිසා ..අන්තිමට ඒ මාමට වත් ඒ කොල්ලව හොයාගන්න බැරි උනා."

එහෙම ඒ කෙනා කියන ගමන් කදුලකුත් පිහදැම්මෙ හිතට දැනුනු ලොකු වේදනාවකට.

Jk"ඒ කොල්ලටයි මටයි තියෙන සම්බන්දෙ මොකක්ද?"

ජොන්කුක් එහෙම ඇහුවෙ හිතේ තිබ්බ කුතුහලේට..

." ඔයා දන්නවද ජොන්කුක් ඒ කොල්ල කවුද කියල"

Jk"කවුද..ඒ?"

𝗬𝗢𝗨 𝗖𝗛𝗔𝗡𝗚𝗘𝗗 𝗠𝗬 𝗟𝗜𝗙𝗘 21+ (JJK)😈❤️ (Complete ✔ )Where stories live. Discover now