පාස්කු ඉරිදා - 23 rd Tale ★

456 23 2
                                    

ආච්චි නැතිවුණාටත් පස්සේ ගෙදර ගොඩක් පාළු වුණා.ජෙරමියායි නොවායි විතරයි ගෙදර හිටියේ.හොටෙල් එකට යනවා එනවා.උදේට නැගිටනවා සමහර දවස් වලට උයනවා. සමහර දවස් වලට නැ.ගොඩක් දවස්වලට නොවායි ජෙරමියායි රැට කැවේම එළියෙන්.ජෙරමියායි නොවායි ගෙදර ඉන්නවට වඩා ගෙදරින් පිට ඉන්න පුරුදු වුණා.

හවස් වරුවල බීච් යන්න.කැෆේ වලට ගිහිං කොෆි බොන්න.රැ වරුවේ බිච් රොඩ් එකේ ඇවිදින්න යන්න.dinner out යන්න.එකට සිංදු අහන්න.පාර්ක් එකේ ඇවිදින්න යන්න.පල්ලි යන්න.චිත්‍ර අදින්න
මේ හැමදෙකින්ම ජෙරමියායි නොවායි ඒ දෙන්නව අදුර ගත්තා.

Nova POV :

ජෙරමියා දිහා බලන් ඉද්දී මට ලෝබයි.නැතිවෙයිදෝ කියලා බයයි.ඒත් හැමතිස්සෙම එයා කියන්නේ එහෙම වෙන්නේ නැ කියලා.ජෙරමියා campus apply කරේ නැ.මම එයාට කිසිම දේකට බල කරේවත් එපා කිව්වේවත් නැ.එයා කිව්වේ මාව එයාට තනි කරන්න බෑ කියලා.

මම අන්තිමේට තාත්තා ගාවට යන්න තීරණය කරා.ජැපන් වලට.ජෙරමියාත් එක්කම.මේ ගෙදර ඉන්න ඉන්න මට ආච්චිව මතක් වෙනවා.මට ඕනේ මේ හැමදේම අත ඇරලා ජෙරමියා එක්ක කොහේහරි යන්න.මේ දවස් ටිකම මහා අවුල් දවස් ටිකක්.ජෙරමියාත් කැමති වුණා මාත් එක්ක යන්න.මම තාත්තට කතා කරලා කිව්වම තාත්තා ගොඩක් සතුටු වුණා.තාත්තා වගේම අයියාත්

පාස්කු සතිය පටන් ගත්තා.මේ සතියෙම පල්ලි යෑමක් තමයි තියෙන්නේ.සතියම කිව්වට දවස් තුනයි.මම ජෙරමියාත් එක්ක මහ බ්‍රහස්පතින්දා පූජාවට ගියා.අපි හිටියේ පිටිපස්සේ කලංකයාත් මගේ එහාපැත්තේ හිටියා වෙනදා වගේම.

ෆාදර් දේශනා කරනවා පල්ලියේ ස්පීකර් වලින් ඇහෙනවා.

" " අගපේ " මේ වචනය ඇහෙද්දී නිකං වචනයක් වගේ නේද ?
නැ ප්‍රියාදරයිනි මේ වචන තුන ඇතුලේ හිතාගන්න බැරි තරම් ලොකු අර්ථයක් තියෙනවා
" ආදරය " මේ කියන්නේ නිකං ආදරයක් ගැන නෙමෙයි පරිත්‍යාගශීලී ආදරයක් ගැන. " Sacrifitial love " ඉතිං මගේ ආදර පුතේ දුවේ ජෙසුගේ ආදරේ එහෙම ආදරයක්. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කැපවීම් කරන ආදරයක්.අනිත් කෙනා වෙනුවෙන් දුක් විදින ආදරයක් "

My Angel ★ ||  [sinhala bl] Where stories live. Discover now